Saturday, September 21, 2024

ආනමඩුවට ආ දුර්ලභ සංචාරක පක්ෂියා …

Must read

දුර්ලභ සංචාරක පක්ෂියෙකු වන විශාල ප‍්‍රමාණයේ පැස්තුඩුවෙකු ඊයේ (01) උදෑසන ආණමඩුව කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ දී අනතුරකට ලක්ව පියඹා යාමට නොහැකිව වැටී සිටියදී ප‍්‍රදේශවාසීන් දැක පුත්තලම වනජීවි නිලධාරින්ට දැනුම් දීමට කටයුතු කර ඇතැයි දිවයින වාර්තාකරු අමරනන්ද විජේසේකර විසින් ඡායාරූපයක්ද සමගින් දිවයින වෙබ් අඩවියේ පළකර තිබුණි.

මෙම පක්ෂියාගේ එක් පියාපතක් අඩි තුනකට වැඩි අතර පියාපත් දෙකම අඩි හයකට වැඩිය. පක්ෂියාගේ හොට අඩියක් පමණ වීම විශේෂත්වයකි.

ජලාශ තුළ සිටින මත්ස්‍යයින් ආහාරයට ගැනීමේ සුවිශේෂී හැකියාවක් සතුව පවතින මෙම පක්ෂීන් වසරේ අවසන් මාස කීපයේදී මෙරටට පැමිණෙන බවත් මෙවැනි විශාල ලෙස වැඩුණ පක්ෂීන් කලාතුරකින් දැකිය හැකි බව වනජීවී නිලධාරීන් ස`දහන් කරයි. වනජීවි නිලධාරීන් මෙම පක්ෂියා නිකවැරටිය වනජීවි ප‍්‍රථිකාර ඒකකයට යොමු කිරීමට කටයුතු කර තිබුණි.

මෙවැනි දුර්ලභ ගණයේ පක්ෂින් රැකගැනිමට නිසි පියවර ගැනිමට වැඩි වැඩියෙන් මහජනයා උනන්දු විය යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)