Sunday, September 22, 2024

ආණ්ඩුවේ කරල පැහෙන්නේ සහල් මාෆියාවෙන්…

Must read

( 1.10 pm ) “සහල් හිඟය හා සහල් මිල ඉහළයාම ගැන ආණ්ඩුව සිටින්නේ කැමැත්තෙන්. සහල් මාෆියාව ඇතුළේ තමා ආණ්ඩුවේ කරල් පැහෙන්නේ” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පසුගිය 22 දා දඹුල්ලේ පවතී මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

2021 අයවැය පිලිබදව ගොවිජන සම්මේලනයේ අදහස් පල කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. මෙහිදී එම සම්මේලනයේ ලේකම් ටි.බී සරත්, උප සභාපති සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන්ද අදහස් පළකළහ.

මෙම අවස්ථාවට එම සම්මේලනයේ කමිටු සාමාජිකයින් වන සුනිල් රණවීර, ඩබ්ලිව්.එම් තිලකරත්න යන මහතුන්ද එකව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

“වර්තමාන මුදල් ඇමතිගේ වයස අවුරුදු 75ක්. එම වයසට සමාන අයවැය වාර්තා සංඛ්‍යාවක් රටට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සැම අයවැයකින්ම වසරින් වසර විශාල ලෙස ණය බරක් වැඩිවෙමින් තිබෙනවා. මෙවර අයවැයත් බිලියන 5000ක ණයක්.

අයවැය වාර්තාවේ ගොවි ජනතාව, කෘෂි නිෂ්පාදන පිලිබදව ආකර්ශනීය බවක් තියෙනවා. නමුත් සෞභාගයේ දකම් තුළ තිබු පොරොන්දු කිසිවක් අයවැයට ඉදිරිපත් කර නැහැ.

අද රජයෙන් යෝජිත නොමිලයේ පොහොරත් ගොවීන්ට නැහැ. රුපියල් 1000ට වෙළඳපොලෙන් මිලදී ගත් පොහොර මිටිය රුපියල් 1500ක් -1 800ක් වෙනවා. එත් ඇතැම් පොහොර වර්ග මුදලට හෝ ගැනීමට වෙළඳපොලේ නැහැ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු වෙනවා.” Audio Player00:0000:00Use Up/Down Arrow keys to increase or decrease volume.Share on FacebookShare on TwitterShare on Linkedin
lankatruth.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)