Sunday, September 22, 2024

ආණ්ඩුවේ අරක්කු ජාවාරමුන් එකිනෙකාගේ බෙලි කපා ගනී: සුරාබදු ප්‍රධානියා ලෙස හමුදා ලොක්කෙක්!

Must read

linkedin sharing button

( 8.30 am ) ආණ්ඩුවට සම්බන්ධ අරක්කු ව්‍යාපාරිකයින් පිරිසක් එකිනෙකාට එරෙහිව මාධ්‍යවලට තොරතුරු ලබාදීම නිසා

ආණ්ඩුව බරපතල අපහසුතාවයකට ලක්ව ඇතැයි ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

මෙම අරක්කු ව්‍යාපාරිකයින්ගේ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් ලබාදී ඇතැයි එම ඇමතිවරයා කියා සිටියේය.

බොහෝ අරක්කු ව්‍යාපාරිකයින්ගේ ඉලක්කයට ලක්ව ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාය. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම කාලයක් පුරාවටම රජයට හිමිවිය යුතු ආදායම් බදුනොගවීම නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව එම බලපත්‍රය අත්හිටවන ලද බවත්, පසුව ඉහලින් ආ නියෝගයක් මත වහාම එකී බලපත්‍රය ලබාදී ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට හිමිවීමට තිබු රුපියල් කෝටි 134 මුදලක් අහිමි වී ඇති බවත් Lanka Dawasa වාර්තාකර ඇත. 

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අරක්කු කොම්පැනියේ මහා බදු වංචාවක් සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මැඬිල්ලේ හිමියන් ද පවසති.

රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර ඇති පරිදි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහි ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අන්තවාදී සිංහල සංවිධානයක් නඩත්තුකරන අරක්කු ජාවාරම්කාරයින් කිහිප දෙනෙකි.

ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා ලයිස්තුවේ ජනප්‍රිය හිමිවරුන් කිහිප දෙනෙකුම සිටින බව බුද්ධි අංශ සඳහන් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම ලඟදිම විශ්‍රාම යාමට නියමිත අතර හිටි හැටියේ අරක්කු ජාවාරම්කාරයින් මෙසේ එකිනෙකාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ, තමන්ට හිතවත් කොමසාරිස් ජනරාල්වරයකු පත්කර ගැනීම සඳහා බව මත්පැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

අප වෙත තොරතුරු ලබාදුන් ඇමතිවරයා පැවසුයේ, මෙරට මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින බරපතල විෂමාචාර හේතුවෙන් රජයට ලැබියයුතු කෝටි ප්‍රකෝටි ගණනක් ධනස්කන්දයක් අහිමිවී ඇති බවත්, ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙළඳපොළට එක්වෙමින් තිබෙන බවත්ය.

එම තත්වය තුල සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
theleader.lk


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)