Saturday, September 21, 2024

අවිශ්කගේ ඉවසිල්වන්ත පිතිකරණයෙන් Jaffna Stallionsට ජය

Must read

( 7.15 am ) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවන තරගය ඊයේ (27) Jaffna Stallions සහ Galle Gladiators අතර පැවැත්වුණු අතර එම තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 92*) දියත් කළ දක්ෂ පිතිකරණය නිසාවෙන් Jaffna Stallions කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකි විය.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක Shahid Afridi පළමුව පිතිකරණයේ නිරත වීම සඳහා අවස්ථාව ලබා ගත්තේය. 

ධනුෂ්ක ගුණතිලක සහ කොදෙව් දේශයේ දකුණත් පිතිකරුවෙක් වන Chadwick Walton Galle Gladiators ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 24ක සබඳතාවයක් ගොඩනංවන ලදි. Walton හට සාර්ථක වීමට වරම් නොලැබුණු නමුත් ඔවුන්ට යම් සාර්ථක ආරම්භයක් ලබා දීමට ධනුෂ්ක ගුණතිලක සහ Galle Gladiators කණ්ඩායමේ පුහුණුකරුගේ පුත්‍රයා වන Azam Khan සමත් විය.

වමතින් පිතිකරණයේ නිරත වන ගුණතිලක පන්දු 30කට මුහුණ දෙමින් 4 පහර 7ක් සමඟ ලකුණු 38ක් වාර්තා කරගත්තේ යම් දිගු ඉනිමක පෙර නිමිති පෙන්නුම් කරමින් වුවත්, දකුණතින් දඟපන්දු යවන වනිඳු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් ගුණතිලකගේ එම ඉනිම නිමාවට පත් විය.

Photos: Jaffna Stallions vs Galle Gladiators – Match 2 | LPL 2020

Galle Gladiators  කණ්ඩායමේ උපනායක භානුක රාජපක්ෂ හට අද දිනයේ දී වැඩි දස්කම් අතරට පැමිණීමට නොහැකි වුනු නමුත්, ඔහු 4 පහර 3ක් සමඟ පන්දු 20ක් තුල ලකුණු 21ක් ලබා ගන්නා ලදි. Galle Gladiators ඉනිමේ 13 වැනි පන්දුවාරය වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටි නමුත් භානුක සහ  මිලින්ද සිරිවර්ධනගේ කඩුලු එක ළඟ දැවී යාමත් සමඟ ඔවුන්ගේ මැදපෙළ තරමක් කඩා වැටුණි.

මැදපෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය නිසාවෙන් Galle Gladiators ඔවුන්ගේ ඉනිමේ මැද පන්දුවාර කිහිපය තුල යම් පීඩනයකට ලක්වුණු නමුත් එම පීඩනයෙන් ඔවුන්ව මුදවා ගත් නායක Afiridi වේගවත් සහ දක්ෂ පිතිකරණය නිරත වෙමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කරන ලදි. 

Afiridi 4 පහර 3ක් සහ 6 පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ පන්දු 23ක් තුලයි. Duanne Olivierගේ පන්දුවක් හමුවේ Afiridi දැවී යන විට Galle Gladiators ඉනිමේ පන්දුවාර 18ක් අවසානයේ 155/6ක් ලෙස ලකුණු පුවරුව සටහන් විය.

LPL තතුවිත්ති;

වමතින් පිතිකරණයේ නිරත වන ශෙහාන් ජයසූරිය 6 පහර 2ක් එල්ල කරමි පන්දු 11ක් තුල ලකුණු 17ක් ලබා ගනිමින් ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දුවාර දෙක තුල සිය කණ්ඩායමේ ලකුණු සටහන තවදුරටත් සවිමත් කළේය.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන වනිඳු හසරංග සිය පන්දුවාර 4 ලකුණු 12ක් තුල අවසන් කරමින් දක්ෂ පන්දුකරණයක නිරත වන විට, Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක Duanne Olivier ලකුණු 44ක් තුල කඩුලු 4ක් දවා ගත්තේය. Jaffna Stallions කණ්ඩායමේ පන්දු රැකීම යම් ආකාරයක දුර්වල බවක් පෙන්නුම් කළ අතර එසේ නොවන්නට ඔවුන්ට මීට වඩා අඩු ලකුණු මට්ටමකට Galle Gladiators කණ්ඩායම සීමා කර ගැනීමට ඉඩකඩ තිබුණි.  

ලකුණු 176ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Jaffna Stallions ආරම්භක පිතිකරුවන් යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පළමු කඩුල්ල සඳහා පන්දු 20ක් තුල ලකුණු 35ක සබඳතාවයක් ගොඩනංවන ලදි. දකුණතින් වේගපන්දු යවන Mohammad Amir එවූ පන්දුවක් මිනෝද්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදීමෙන් කඩුලු රකින්නාගේ අතට යාම නිසාවෙන් මිනෝද්ගේ ඉනිම ලකුණු 18කට නිමා විය.

මිනෝද්ගේ දැවී යාමට පසුව පිටියේ ස්ථාවර වූ Tom Moores සහ ප්‍රනාන්දු Jaffna Stallions Powerplay පන්දුවාර 6 තුල ලකුණු 51 දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන එන ලද්දේ එක් කඩුල්ලක් පමණක් වැය කරමිනි.  මොහොමඩ් ශිරාස්ගේ පන්දුවක් හමුවේ ලකුණු 18ක් ලබා සිටි Moores ඩීප් මිඩ් විකට් කලාපයේ රැඳී සිටි Afridi වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන ලදි.

අනතුරුව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ප්‍රනාන්දු සහ Shoaib Malik තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110*ක නොබිදුණු සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායම දෙසට හරවා ගන්නා ලදි.

4 පහර 5ක් සහ 6 පහර 7ක් එල්ල කරමින් ප්‍රනාන්දු දියත් කළ ඉනිම ඉතාමත් හොඳින් සැලසුම් කළ ඉනිමක් බව පෙනෙන්නට වූ අතර ඔහු ඉතාමත් හොඳින් දුර්වල පන්දු තෝරා බේරාගනිමින් සිය ලකුණු මැෂිම ක්‍රියාත්මක කළේය. එසේම ප්‍රනාන්දු රැස්කරගත් මේ ලකුණු ප්‍රමාණය ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දැනට වාර්තා වී තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය වේ.

ප්‍රනාන්දු සමඟ සිය අත්දැකීම් හුවමාරු කරගනිමින් පිටිය මැද තෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනංවා ගැනීමට අනෙක් අන්තයෙන් සවියක් වූ Malik පන්දු 31ක් තුල එම ලකුණු 27* ලබාගත්තේ එක් 4 පහරක් එල්ල කරමිනි. 

අවසානයේ Jaffna Stallions කණ්ඩායම පන්දුවාර 19කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගන්නා ලදි. පන්දු යැවීමේ දී Mohammad Amir සහ මොහොමඩ් ශිරාස් අතරේ කඩුල්ල බැඟින් බෙදී ගියේය.

තරගාවලියේ තෙවැනි දිනය වන 28 වැනිදා Dambulla Viiking කණ්ඩායම සහ Kandy Tuskers කණ්ඩායම අතර තරගය සවස 3.30 පැවැත්වෙන අතර Colombo Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර තරගය රාත්‍රී 8.00ට ආරම්භ විමට නියමිත ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැදී සිටින්න ThePapare.com අප සමග ම.

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (Jaffna Stallions)

Result

Jaffna Stallions 176/2 (19.3) Galle Gladiators 175/8 (20)

Jaffna Stallions won by 8 wickets

Updated at 11:37 PM 2020-11-27

BatsmenRB4s6sSR
Avishka Fernandonot out926357146.03
Minod Bhanukac Azam Khan b Mohammad Amir181012180.00
Tom Mooresc Shahid Afridi b Mohamed Shiraz181430128.57
Shoaib Maliknot out27311087.10
Extras21 (b 0 , lb 2 , nb 1, w 18, pen 0)
Total176/2 (19.3 Overs, RR: 9.03)
Did not batDhananjaya de Silva, Thisara Perera, Wanindu Hasaranga, Chathuranga de Sliva, Kyle Abbott, Binura Fernando, Duanne Olivier,
Fall of Wickets1-35 (3.2) Minod Bhanuka, 2-66 (7.4) Tom Moores,
BowlingOMRWEcon
Akila Dananjaya3.3033010.00
Mohammad Amir402917.25
Asitha Fernando302809.33
Shahid Afridi402005.00
Mohamed Shiraz3038112.67
Milinda Siriwardane2025012.50

www.thepapare.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)