Saturday, September 21, 2024

අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 27 කට, අලි 97 කට දිවි අහිමි වෙයි ..

Must read

මහවැලි වනජීවී කලාපයේ ගෙවුණු මාස 07 තුළ සිදුවූ අලි මිනිස් ගැටුම්වලින් පුද්ගලයන් 05 දෙනකු සහ වල් අලි 27ක් මරණයට පත්ව තිබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි මහවැලි වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.එස්.කේ. චන්ද්‍රරත්න පැවැසුවේ ගෙවුණු වසරේදී පුද්ගල මරණ 27ක් සහ අලි මරණ 97ක් වාර්තා වූ බවයි.

පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් වස්ගමුව, අංගම්මැඩිල්ල මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සහ සංරක්ෂිත වනෝද්‍යාන කිහිපයක් මෙම කලාපයට අයත් වෙයි.

ආහාර සහ ජල හිඟය අලිමංකඩ වල් අලින්ගේ වාසභූමි අහිමිවීම ඇතුළු කරුණු කීපයක් වල් අලි ගම් වැදීමට බලපා ඇති බව හඳුනාගෙන ඇති නිසා අලිමංකඩ සංරක්ෂණයට පියවර ගෙන තිබෙන බව සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.

අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා විදුලි වැට ඉදිකිරීම සහ නඩත්තු කිරීමටද පියවර ගෙන තිබේ. වනජීවී නිලධාරීන් අලි මිනිස් ගැටුම් සිදුවන කලාපවල නිරන්තර මුර සංචාර සඳහා යොදවා සිටින බවද පැවැසීය.

ලබා දෙන තොරතුරුවලට අනුව වගා බිම සහ ගොවි ගම්මානවලට වල් අලින් කඩා වැදීම වැළැක්වීමට ක්ෂණික පියවර ගන්නා බවත් මුරණ්ඩු සහ කලහකාරී වල් අලින් අල්ලා වනෝද්‍යානවලට මුදා හැරීමට පියවර ගෙන තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.
aruna.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)