Sunday, September 22, 2024

අපේ අයට එන්නත ලබානොදුන්නොත් ලබන සතියේ සිට පුද්ගලික බස් දුවන්නේ නෑ- ගැමුණු කියයි !

Must read

මෙම සතිය අවසන් වන විට සියලුම පෞද්ගලික බස් සේවකයින්ට සහ අයිතිකරුවන්ට එන්නත ලබා දීමට රජය සුදුසු පියවර නොගන්නේ නම්, ලබන සතිය වන විට පුද්ගලික බස් මෙහෙයුම් නවතා දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (එල්පීබීඕඒ) අනතුරු අඟවා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයහි සභාපති ගැමුණු විජේරත්න ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ ඉහත කරුණු සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බවය.

”පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවන්ට වෛරසය වැළඳීමේ අවදානමට ලක්ව ඇති බැවින් මීට මාස දෙකකට පෙර එන්නත ලබා දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සෘජු ඉල්ලීම් ඉදිරිපත් කළෙමු. නමුත් රජය අපගේ ඉල්ලීම බැරෑරුම් ලෙස නොසලකන ලදී”.

සෞඛ්‍ය අංශය වැනි පෙරටුගාමී සේවකයින්ට එන්නත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවරට සමානව ප්‍රමුඛතාවය මත එන්නත ලබා ගැනීමට අපට අවශ්‍ය බව ගැමුණු විජේරත්න තවදුරටත් අවධාරණය කර තිබේ.

පුද්ගලික බස් සේවයේ අප ක්‍රියාකරුවන් 45,000 ක් පමණ සිටින අතර අයිතිකරුවන්ට ද එන්නත් ලබා දිය යුතු බව අපි අවධාරණය කරමු යැයි ඔහු කියා තිබේ.
තවද, ශ්‍රී ලංකා ටෙලිකොම් හෝ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රවාහන අංශයේ කිසිදු සේවකයෙකුට එන්නත ලබා දී නොමැති බව විජේරත්න පවසා ඇත.
ඔවුන් අතර වෛරසය පැතිරී ගියහොත් ප්‍රවාහන අංශයේ බිඳවැටීමක් සිදුවිය හැකිය. එබැවින් මෙම සතිය තුළදී එන්නත ලබා දීමට රජය කිසිදු අර්ථවත් පියවරක් නොගන්නේ නම් ලබන සතිය වන විට ඔවුන්ගේ සේවය නවතා දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව විජේරත බලධාරින්ට මේ අනුව දැනුම් දි තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)