Saturday, September 21, 2024

අන්තර් පළාත් දුම්රිය ඇරඹුණදාම අවුල් ගොඩයි ? මගීන් අනාථයි ?

Must read

අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක  කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ.

රාගම සිට ගම්පහ දෙසට දුම්රිය විශාල ප්‍රමාණයක් එක දිගට නවතා ඇත. දෙමටගොඩ සහ මරදාන අතර සංඥා කේබලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබේ. මෙම කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ සිදු කරයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පුත්තම දුම්රිය මාර්ගයේ දුම්රිය මෙසේ ප්‍රමාදයකට ලක්ව ඇත.
මේ අතර රාගමදි දුම්රිය අනතුරක් සිදුව ඇති බවද වාර්තාවේ . ඒ පිටුපසින් පැමිණ ඇති දුම්රියක් ඉදිරියෙන් තිබු දුම්රියක ගැටිම හේතුවෙනි .

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)