Saturday, September 21, 2024

අදින් පස්සේ මිනිස්සුන්ට කරන්ට් වදින හැටි …

Must read

මේ දිනවල කාගේත් කථා බහට ලක්ව ඇති එක් උණුසුම් මාතෘකාවක් වන්නේ විදුලි බිල ගැනය.මත්පැන් සාදවලදි විවිධ විවිධ කථා අතරද විදුලි බිල මුලටම පැමිණ තිබුණි.

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් අද (02 දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කරන රුපියල් 10 ගාස්තුව රුපියල් 37 දක්වාත්, 61 සිට 90 දක්වා ඒකකයකට අයකරන රුපියල් 16 ගාස්තුව රුපියල් 42 දක්වාත් 91 සිට 120 දක්වා ඒකකයකට අයකරන රුපියල් 50 ගාස්තුව සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අයකරන රුපියල් 50 ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබේ.

ඒකක 181 ට වැඩි සෑම ඒකකයක් සඳහාම රුපියල් 75 ක් දැනට අයකරන අතර එම ගාස්තුව ද වෙනසක් කර නොමැත.

එසේම මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 120 ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 240 ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 360 ක ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩිකිරීමට යෝජනා වී ඇත.

එමෙන්ම ඒකක 90 සිට 120 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 960 ක් වූ ස්ථාවර ගාස්තුව රු. 1500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා දැනට අයකරන ස්ථාවර ගාස්තුව රුපියල් 960 සිට 1500 දක්වාත්, විදුලි ඒකක 181 ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 2000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

මේ අතර විදුලි බිල වැඩිකිරිමට එරෙහි ජනතා පෙත්සම ඊයේ ( 01) දිනයේ මාතරින් ඇරඹුණි.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ‘හැටනව ලක්ෂයේ ජනතා පෙත්සම‘ ආරම්භ කළ ඊයේ (1දා) දිනයේ ම දස දහසකට අධික ජනතාවක් ඊට අත්සන් තැබූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මුලාශ්‍රය – දිවයින

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)