Sunday, September 22, 2024

අදත් මරණ 5 ක් ! ආසාදිතයන් 544 ක් !

Must read

( 7.30 pm ) කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය
මේ අතර අද දිනයේත් කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් මරණ 05ක් සිදුව ඇති බව මීට සුළු වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ කොළඹ 13 පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වශයෙනි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇත

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් වෛරසය වැළඳී මෙරටදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)