Saturday, September 21, 2024

අදත් ගෑස් කාන්දුවක් නිසා පිපිරිමක් ! හේතුව හෙළිවේ !

Must read

අද (25) අලුයම සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ‌කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබේ.පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණි.කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.සිද්ධිය පිළිබඳ නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස පැහැදිලි කළාය.

“පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ.”

මෙම මාසයේ දී ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වුණි.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය.පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක ද පිපිරීමක් සිදුවූ අතර එය ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වුණි.කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක පසුගිය 20 වැනිදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබීය.

මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබේ.

පසුගිය සති 02ක පමණ කාලය තුලදී ගෑස් සිලින්ඩර් පිපිරීමේ සිදුවීම් කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය.

නිසි අනුමැතියකින් තොරව සමාගම් විසින් ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

පසුගියදා කොළඹල වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට තහවුරු වූ රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරවගෑස් සමාගම් විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව සඳහන්.

ගෘහස්ත ගෑස්වල ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම බාල කොට ඇති බවත් ඒ හේතුවෙන් ගෑස් ටැංකිය අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.ඒ මහතා පෙන්වා දුන්නේ මේ බව පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම වත්මන් ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් ගෙන්වීමේදී කෝටි 100ක වංචාවක් සිදුව ඇති බව ප්‍රකාශ කොට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)