Sunday, September 22, 2024

අගුළු දැමු යුක්රේනයෙන් ලංකාවට දිගටම සංචාරකයන් ???

Must read

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර ඇත.

ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්රේනය ඊයේ  (8) පියවර ගෙන තිබේ

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට යුක්රේනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වූ අතර මේ වනවිටත් එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි යැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

යුක්රේනයෙන් ඊයේ (8) වනවිට ලක්ෂ දහය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,588ක් ලෙස දැක්විණි.

ජනවාරි මාසයේදී ලොක්ඩවුන් සීමා පනවන බව යුක්රේන ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් මාසයේදීම තීරණය කර තිබූ අතර එක් අවස්ථාවකදී යුක්රේනය වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. ඇතැම් දිනවලදී යුක්රේනයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 12,000ත් 14,000ත් අතර අගයක් ගත්තේ ය.

නව ලොක්ඩවුන් සීමා ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර විනෝද මධ්‍යස්ථාන හා උද්‍යාන ද වසා දැමේ. ඊට අමතරව විශාල පිරිසක් රැස්වෙන මහජන ඒකරාශී වීම් ද තහනම් කර ඇත.
මේ අතර නියමු ව්‍යපෘතියක් යැයි සදහන් කරමින් උදයංග විරතුංගගේ ප්‍රධානත්වයෙන් යුක්රේන සංචාරකයන් ගෙනඒම තවදුරටත් සිදුවෙමින් තිබේ.

යුක්රේනයෙන් ගෙන්වන ලද සංචාරකයන්ගෙන් 17දෙනෙකු කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වූවන් බව මේ වනවිට හෙළිවී ඇතැයි ලංකා ටෲත් කොම් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය…

ඔවුන් සම්බන්ධයෙක් බොහෝ තොරතුරු ආණ්ඩුව විසින් රහසිගතව තබාගෙන සිටී. එම තත්වය තුළ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මෙම යුක්රේන ආසාදිතයන් පිළිබඳව තොරතුරු මාධ්‍යයට හෙළිකර තිබේ. ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම සංචාරකයන් ගෙන්වීම පිළිබඳ විවිධ තොරතුරු අනාවරණය කරමින් ඔවුන්ගේ විරෝධය එල්ල කරමින් සිටී.

මෙම යුක්රේන සංචාරකයන් නිසා මේ වනවිට යාල සෆාරි ජීප්රථ රියදුරන් 28 දෙනෙකු බලහත්කාරයෙන් හමුදාව යටතේ නිරෝධායනයට යොමුකර සිටිති.

යුක්රේනුවන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට වෛරසය පැතිර යාම වැළැක්වීමට ආණ්ඩුව ප‍්‍රමාණවත් කටයුතු සිදුකර නැති බව මාධ්‍ය මගින් වාර්තාකර තිබුණි.

බ‍්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූයේද යුක්රේන ජාතිකයෙන් බව මෙයට පෙර රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ පාර්ලිමේනේතුවේදී හෙළිකර තිබූ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ද පසුගිටයදා ඒ බව නිල ලෙස තහවුරු කරන ලදී.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේද යුක්රේන් සංචාරකයන් ලංකාවට ගෙන්විම ගැන විවිධ විවේචන පළවන්නට පටන් ගෙන තිබේ.
ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕසල හේරත් සිය ෆේස් බුක් පිටුවේ තබා තිබුනේ මෙවන් සටහනකි.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)