Sunday, September 22, 2024

හය මසක් නඩු නැති මඩකලපුවේ 10ක් තව දුරටත් රිමාන්ඩ්

Must read

මළවුන් සැමරීම නිසා හය මසකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
රටේ පවතින වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නැති බැවින් සැකකරුවන් දෙසැම්බර් 6 වැනි සඳුදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 20 වැනිදා  තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.
නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.

අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහුත් රඳවාගෙන තිබේ.
අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)