Sunday, September 22, 2024

සෙලින්කෝ ලයිෆ් ජුනි මාසය පුරා දිවයින වටා සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය කරයි

Must read

June, 12, 2020

දැඩි අවධානයක් යොමුකළ යුතු දත්ත හමුවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මහජනයා දැනුවත් කිරීමේ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතල රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්තය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.

රාජ්‍ය සෞඛ්‍ය සේවයට දරාගත නොහැකි තරමේ රෝගීන් ප‍්‍රමාණයක් පැමිණීම හේතුවෙන් මේ වනවිට හෘද ශල්‍ය කර්ම සිදුකිරීම සඳහා මෙරට 5000 ක පමණ පිරිසකට රැඳී සිටීමට සිදුවී ඇත. මේ නිසා, සෙලින්කෝ ලයිෆ් විසින් මෙම ප‍්‍රවර්ධනය තුළින් ගැඹුරින් සිතා බැලීමට වටිනා, ඉතාමත් වැදගත් පැනයක් විමසනු ලබයි: වඩාත් වැදගත් වන්නේ ඔබගේ කාලයෙන් මිනිත්තු 20 ක් ඉතිරි කරගැනීමද? නොමැති නම් ඔබ වසර 20 ක් පුරා ඉතිරි කරගත් මුදල් රැක ගැනීමද? යන්න එම පැනයයි.

මෙම ප‍්‍රවර්ධන වැසටහන මගින් ඉලක්ක කරන්නේ සේවා නියුක්ත හෝ ස්වයං රැකියා කරන වැඩිහිටියන් වෙත පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණය ප‍්‍රවර්ධනය කිරීමයි. මෙහිදී, ඔවුන්ගේ වේලාවෙන් විනාඩි 20 ක් ගෙන සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන පුද්ගලික සෞඛ්‍යාවරණ පිළිබඳව සමාගමේ නියෝජිතයෙකු සමග මේ ජුනි මාසය තුළදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානම් සඳහා මුහුණදීමට මුදල් ඉතිරි කිරීමටයි. උදාහරණයක් ලෙස වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදුකිරීමට පමණක් රුපියල් මිලියන 1.8ක පමණ මුදලක් අවශ්‍ය වේ.

‘කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස කීපයක් තුළදී මුළු ලෝකයම වෙනස් වුණා,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘කෙනෙකුට ජීවිතයේදී ඉතාමත් දරුණු රෝගාබාධයකට මුහුණ දීමට සිදුවුවහොත් එයින් තමන්ගේ පවුලට විශාල බරක් වෙන්න පුළුවන්. නැත්නම් තමන් මහන්සියෙන් ඉතිරි කරගත් මුදල් ඒ සඳහා වැයවෙන්න පුළුවන්. වර්තමාන තත්ත්වය තුළ මේ අවධානම අපිට පැහැදිලිවම පේන්න තිබෙනවා. මේ නිසා, සෞඛ්‍ය රක්ෂාවරණයක් ගැනීම ජනතාවගේ සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍යයි. තවමත් මේ සුරක්ෂිතතාවය තිබෙන්නේ ශ‍්‍රී ලාංකිකයින් සුළු පිරිසකට පමණයි.’

සමාගම විසින් 2020 ජුනි මාසය සෙලින්කෝ ලයිෆ් ‘සෞඛ්‍ය රක්ෂණය දැනුවත් කිරිමේ මාසය’ ලෙසින් නම්කර තිබෙන්නේ සමාගම විසින් මේ වනවිටත් පවත්වාගෙන යන බොහෝ ප‍්‍රතිඵල ලබාගත් මේ ආකාරයේ වැඩසටහන් ආදර්ශයට ගනිමිනි. සමාගම විසින් පෙබරවාරි 11 වනදා සිට 17 වනදා දක්වා සෙලින්කෝ ලයිෆ් ‘ජීවිත රක්ෂණ සතිය’ ලෙස වසර ගණනාවක් පුරා නම්කර තිබෙන අතර සෑම වසරකම මැයි මාසය ‘විශ‍්‍රාමික සැලසුම් මාසය’ ලෙසින් නම්කර තිබේ.

මේ ජුනි මාසය තුළදී සමාගමේ 4000 ක් පමණ වන අලෙවි කණ්ඩායම මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය කරමින් සෞඛ්‍ය රක්ෂණය පිළිබඳව දැනුවත් කරමින් ප‍්‍රවර්ධන කටයුතු සිදුකරනු ඇත. මේ සඳහා සමාගම විසින් දත්ත භාවිතා කරන අතර 2015 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක‍්‍රමවේදය භාවිතා කරමින් සිදුකළ කළ බෝ නොවන රෝග අවධානම් සාධක සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබෙන්නේ මෙරට වැඩිහිටි ජනගහනයෙන් 7.4% ක පුද්ගලයින් ප‍්‍රමාණයක් අධික දියවැඩියාවෙන් හෝ දියවැඩියාව සඳහා ඖෂධ ලබාගනිමින් සිටින බවයි. එසේම, මෙරට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් එකක ප‍්‍රමාණයකට කොලෙස්ටරෝල් වැළඳී තිබෙන බවත් 26% ක ප‍්‍රමාණයකට අධික රුධිර පීඩනය වැළඳී තිබෙන බවත් මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ. මේ ආකාරයෙන් බෝ නොවන රෝග වර්ධනය වීමට හේතුවී තිබෙන්නේ ව්‍යායාම කිරීම අඩුවීම මෙන්ම මෙරට පිරිමි පුද්ගලයින්ගෙන් තුනෙන් එකක ප‍්‍රමාණයක් දෛනික පදනමින් දුම්පානය සඳහා ඇබ්බැහිවී සිටීම සහ 35% ක් පමණ දෛනික පදනමින් මත්පැන් පානය සඳහා ඇබ්බැහිවී සිටීම යන හේතුයි.

ශ‍්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් 75% ක් පමණ බෝ නොවන රෝග නිසා සිදුවන අතර මෙරට බෝ නොවන රෝග වලින් මරණයට පත්වන පුද්ගලයින්ගෙන් 17.7% ක පමණ ප‍්‍රමාණයක් මිය යන්නේ අවුරුදු 70 කට පෙරදී බව මෙහිදී අනාවරණය කරගෙන ඇත. මෙහිදී, යහපත් ප‍්‍රවෘත්තිය වන්නේ මෙම බෝ නොවන රෝග සඳහා ප‍්‍රතිකාර කළ හැකි වීමයි. බොහෝදෙනෙකු සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාගැනීම මගින් බෝ නොවන රෝග වලින් මියයන ප‍්‍රමාණය අඩුකර ගතහැකි අතර මෙම අර්බුදය කළමනාකරණය කරගැනීමට අවස්ථාව උදාවේ. මාසයක් පුරා දිවෙන මෙම සෞඛ්‍ය රක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාසයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම පණිවුඩය සමාජයට ප‍්‍රවර්ධනය කරනු ඇත.

රජයේ රෝහල් මගින් බෝ නොවන රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමේදී බොහෝ අවස්ථාවල කාලයක් බලා සිටීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවල අවශ්‍ය මානව සම්පත, උපකරණ සහ ඖෂධ පවා ප‍්‍රමාණවත් පරිදි ලබාගැනීමට නොහැකි වේ. පුද්ගලික අංශයෙන් මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබුණද එම ප‍්‍රතිකාරවල පිරිවැය ඉහළ මට්ටමක ඇත. උදාහරණයක් ලෙස හෘද සැත්කමක් කිරීමට රුපියල් 700,000 ක් පමණ වැයවන අතර මොළයේ ශල්‍ය කර්මයක් සිදුකිරීමට රුපියල් මිලියන 1.5 කට වැඩි මුදලක් වැයවේ. ආඝාත රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීමට රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැයවන බව අනාවරණය වේ.

මේ නිසා, සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාගනිමින් ජීවිතය සුරක්ෂිත කර ගැනීම ඉතාමත් වැදගත් වේ.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රකළ අතර 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සමාගම තෝරා ගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)