Sunday, September 22, 2024

සියලුම රජයේ රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්

Must read

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. නොවිසඳුනු ගැටලු 07ක් මුල් කරගනිමින් අද පෙරවරු 8 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මාධ්‍යය වෙත කියා තිබුණි.

වෛද්‍යවරුන් වැඩ වරජනයේ නිරතවුවද සේවාවන්හි සුවිශේෂි බව සලකා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිලිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක වල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)