Sunday, September 22, 2024

ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන 500ක් රට පුරා

Must read

නීති විරෝධීව රට පුරා කල්බදු සමාගම් පන්සියකට ආසන්න ප්‍රමාණයක් සෑම ප්‍රධාන නගරවලම පිහිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මහ බැංකුවේ ලියාපදිංචි නොකළ එම මුල්‍ය ආයතන සමූපකාර සමිති ලෙසට මුවා වී ක්‍රියාත්මක කරන ඒවාද වේ.තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන එම ආයතන මගින් ප්‍රාදේශීය විවිධාංගීකරණය යටතේ ණය පහසුකම්, අධික පොලියකට ලබා දෙයි.

කෘෂිකාර්මික ප්‍රදේශවල මෙවැනි නීති විරෝධී මූල්‍ය ආයතන පවතින අතර ගොවීන්ට අවශ්‍ය ගොවි උපකරණ ලබා ගැනීම සඳහා ද නාගරික ප්‍රදේශවල යාන වාහන හා ගේදොර ඉඩම් මිලදී ගැනීමටද අවශ්‍ය ණය පහසුකම් ලබා​ දෙයි. එසේ ණය ලබාගත් ගනුදෙනුකරුවන් ඒවා පැහැර හැරීමේදී නීති මගින් කටයුතු කරනු වෙනුවට ප්‍රදේශයේ නමගිය සංවිධානාත්මක අපරාධකාරයන් ලවා එම දේපොළ අත්පත් කර ගැනීමට කටයුතු කරන බව ප්‍රසිද්ධියට පත්ව තිබේ. කෙසේ වෙතත් එවැනි පැහැර හැරීම් වෙතොත් ළඟම ඇති පොලිසිය මගින් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වුවත් එම දේපොළ අත්පත් කර ගැනීමට යෑමේදී සහ අදාළ සමාගම් සමග ඇති වූ ගැටුම්වලින් ගෙවුණු වසර කිහිපයේදී පුද්ගලයන් තිදෙනකු පමණ මියගොස් තිබේ.

මෙම ලීසිං සමාගම්, මහ බැංකුව මගින් නියාමනය කිරීමට අමතරව එම දේපොළ අත්පත් කර ගැනීමට සිටින කණ්ඩායම්ද සමාගම යටතේ ලියාපදිංචි පුද්ගලයන් වශයෙන් සඳහන් කිරීමෙන් ඇති වන ගැටලු නිරාකරණය කර ගත හැකිය. මහරගම ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනටද මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වීමට සිදුවූයේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතනයක සේවක පිරිසක් එල්ල කළ ප්‍රහාරයකිනි.

චමින්ද සේනාරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)