රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පවසා තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මේ බව කියා සිටියේය.