June, 12, 2020
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2020/06/12141420/Studio-Type-House-01.jpg)
දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සඳහා කොළඹට පැමිණෙන මධ්‍යම පාන්තිකයින්ට නවාතැන් ගැනීමට හැකි වන පරිදි කුලී පදනම මත වන ‘ස්ටුඩියෝ වර්ගයේ‘ නිවාස ඉදිකිරීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.
ඒ අනුව, ප්‍රධාන මහාමාර්ගයන් හා දුම්රිය මාර්ගයන් මඟින් සේවා සපයනු ලබන ප්‍රධාන නගර මධ්‍යස්ථානයන් හි සිට කිලෝමීට 3-5ක් ඇතුළත එවැනි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.