Sunday, September 22, 2024

රාජපක්ෂලා දමිළ මාධ්‍යවේදින් ඝාතනය කළ හැටි දකුණේ ප්‍රගිතිශිලින්ට අමතක වුනේ ඇයි ?

Must read

ජනපති ගෝඨාභය විසින් ඊයේ දිනයේ මාධ්‍යයට එරෙහිව දරුණුතම අනතුරු ඇගවිමක් කරන්නට යෙදුණි.
එය බරපතල ලෙසින් ඉතා පැහැදිලිවම ගත යුතුව ඇත්තේ ඒ ආකාරයෙන් කටයුතු කළ ඉතිහාසයකට ඔහු සහ රාජපක්ෂ පාලනය හිමිකම් කියන නිසාවෙනි.

පසුගිය රාජපක්ෂ පාලනය තුල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවයකයන් 44 දෙනෙකු ඝාතනය කර තිබුණ බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ ( JDS) සංවිධානය විසින් පළකර ඇති වාර්තා වල සදහන්ය.
ඉන් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ය.



පැවැති රාජපක්ෂ පාලනයේ පළමු ගොදුරු බවට පත්ව තිබුනේ තම වෘත්තිය වෙනුවෙන් නිර්භයව පෙනි සිටිමින් ලෝකයටම සත්‍ය හෙළිදරව් කර සිටි සුගිර්තරාජන් නම් වු දමිළ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකි.
2005 ජනවාරි 05 වෙනිදා ඔහු ඝාතනයට ලක්වුයේ ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනා ඝාතනය කර ඇති අන්දම ගැන ඡායාරූප සාක්ෂි සහිතව ලෝකයටම හෙළිදරව් කර තිබිම නිසාය.
එහෙත් ඊයේත් අදත් මාධ්‍ය මර්ධනය ගැන අදහස් දැක්වු ජවිපෙ ඇතුළු ප්‍රගිතිශිලින් විසින් කියාගෙන .ගිය මාධ්‍ය මර්ධන ලැස්තුවට දමිල මාධ්‍ය ආයතන ගිනිතැබිම හෝ ඝාතනයට ලක්වු දමිල මාධ්‍යවේදින්ගේ නම් කියැවෙන්නේ නැත.ඒ ලයිස්තුවල ඇත්තේ දකුණේ මාධ්‍ය මර්ධනයට ලක්වු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදින්ගේ නම් පමණක්මය
එය අහම්බයක්ද ?
පිඩාවට පත්ව ඇති ජාතියක් ගැන දකුණේ ප්‍රගතිශිලින්ගේ ස්ථාවරයේ දිග පළල යළිත් වරක් දැන් සමාජ ගත වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)