Sunday, September 22, 2024

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගැනිම එජාපය හෙළාදකී. !

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවාන්නන් මෑතකදී අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙහිදි යාපනයේ අදාල නිළධාරින් ඇදුම සම්බන්ධයෙන් ගැටළු තිබුනේ නම් ඒ පිළිබද පොලිසියට කලින් මුලික පරික්ෂාවන් සිදුකල යුතු වන්නේ අදාල ආමත්‍යංශය විසින් බවද එජාපය අවධාරණය කර සිටි.

මහ නගර සභාවේ පිරිසිදුකම අධීක්ෂණය කිරීම සඳහා සේවයේ යොදවා ඇති කවුන්සිලයේ සාමාජිකයින් විසින් පැළඳ සිටින නිල ඇඳුම් සඳහා එල්ටීටීඊය පැළඳ සිටින නිල ඇඳුම්වලට සමානකමක් ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී.

කොළඹ මහ නගර සභාව තුළ වාහන නැවැත්වීමේ සහායකයින් විසින් පැළඳ සිටින නිල ඇඳුම් පිළිබඳව පක්ෂය තවදුරටත් අවධානය යොමු කරයි. එමෙන්ම ඒවා එල්ටීටීඊය පැළඳ සිටින ඇඳුම් හා සමාන යැයි සැලකිය හැකිද යන්න ප්‍රශ්න කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)