Sunday, September 22, 2024

යාපනයේ වෙළඳසැල්, හෝටල් රාත්‍රී 10 තෙක් විවෘතව තැබීමට ජනපති උපදෙස්

Must read

යාපනය අර්ධද්වීපයේ සිල්ලර හා රෙදිපිළි වෙළඳසැල්, ආපනශාලා සහ ෆාමසි ඇතුළු සියලුම වෙළඳසැල් දිනපතා රාත්‍රී 10 දක්වා ආයතන විවෘතව තබන ලෙස ඉල්ලා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව  පරිදි යාපනය අධර්ධද්වීපයේ ව්‍යාපාර කටයුතු පුනර්ජීවනය කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය මේ බව දැනුම් දීම වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලීසිය, ලංගම හා පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවන්, හෝටල් හිමියන් සහ වෙළෙඳුන් සමඟ සාකච්ඡාවක්ද පසුගිය සිකුරාදා පවත්වා තිබේ.

යාපනයේ දිස්ත්‍රික් ලේකම් කේ. මහේසන් පවසන්නේ මෙම යෝජනාවේ අරමුණ කලාපයේ සාමාන්‍ය භාවය පවත්වා ගෙන යන බවට පණිවුඩයක් ලබා දීමෙන් ව්‍යාපාරික අවස්ථා වැඩි කිරීම බවයි.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)