Sunday, September 22, 2024

යළි අවදානමක් !- කැබිනට් රැස්වීම සුම් එකෙන් පමණයි

Must read

messenger sharing button

අද (ජුලි 26) සවස පැවැත්වෙන කැබිනට් රැස්වීම සුම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ. ජනාධිපති කාර්යාලයේ නිලධාරියකුට කෝවිඩ් ආසදනයවී ඇති නිසා මෙවැනි පියවරගෙන ඇතැයි පැවසේ.    කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් කෝවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ගෙන තිබියදීත්  කෝවිඩ් අසාදනයෙන් මියයාමේ සිද්ධියෙන් පසු වයෝවෘද කැබිනට් ඇමතිවරුන් කිසියම් තැතිගැන්මකට ලක්ව සිටින බවද වාර්තාවේ.   

මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් තවත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.   කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.   ඔහු වසරක පමණ කාලයක සිට පාදයේ ආබාධයකින් සිටි අයකු වන අතර පසුගිය මැයි 29 දා පළමු මාත්‍රාවක් දෙවෙනි මාත්‍රාව ජුනි 28 වැනිදා ලබාගෙන තිබිණි.   පසුව ඔහුට සෙම වැඩි වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරු කර ඒවා තිබිණි.   එහිදී හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.  

  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

iqAjhBokZH9dmMAd3bS55aYMH5Up9Bbm

 විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ, මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බවයි. 

  අද (26) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.   මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.  

“මේ වනවිට අඩු වැඩි ඇතිව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගීන් ඉන්න පුළුවන් කියන නිගමනයට අපි ඇවිත් තියෙනවා. මේ ප්‍රභේදය ඇති රෝගීන් ඉන්න ප්‍රදේශයක මේ රෝගය බෝ වෙන්න අපි ඉඩ තිබ්බොත් වේගයෙන් මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍යයි. මේ ඩෙල්ටා ආසාදිතයින් 68 සාම්පල් ගණනාවකින් ආපු එකක්.    නමුත් ඇත්ත වශයෙන්ම මේ 68ට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊයේ 1,666ක් රෝගීන් වාර්තා වෙනකොට ඒකෙනුත් යම් ප්‍රතිශතයක් මේ ඩෙල්ටා රෝගීන් විය හැකියි. නමුත් ඒ සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන නිසා අපි ඒක කරන්නේ නෑ. ඩෙල්ටා පොකුරු බිහිවෙන්න ඉඩ දෙන්න එපා.”  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)