Sunday, September 22, 2024

මෙවර පාර්ලිමේන්තුවේ කාන්තාවන් 10ක් ! වෛද්‍යවරුන් 11 ක් !

Must read

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සභිකයින්ගේ විශේෂතා කිහිපයක් දක්නට ලැබේ.

විශේෂයෙන් පිය පුතු යුගල 4ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය පුතු යුගල 4 ය.

මීට අමතරව වෛද්‍යවරුන් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර රමේෂ් පතිරණ, සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොල, උපුල් ගලප්පත්ති, ගයාෂාන් නවනන්ද, තිලක් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඒ අතර වේ.

මීට අමතරව කාවින්ද ජයවර්ධන සහ රාජිත සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරුන් අතරට අයතය.

ඉංජිනේරුවරුන් කිහිපදෙනෙක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර නාලක ගොඩහේවා, නාලක කෝට්ටේගොඩ, ඉසුරු දොඩංගොඩ, අනූප පස්කුවල්, ගාමිණි වලේබොඩ, යදාමිණි ගුණවර්ධන සහ පාඨලී චම්පික රණවක ඒ යටතට අයත් වේ.

මීට අමතරව කලාකරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම රණවිරුවන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.

මැතිවරණවල දී දැඩි කතාබහට ලක්වූ කාන්තා නියෝජනයේ දී කාන්තාවන් දස දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව, පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ යන ( යෝජනා වි ඇත ) අය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)