මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ඉතිරිව තිබු හට් එකද , වේදිකාව ලෙසින් භාවිතා කරන ලද බෝට්ටුවද ඇතුළු විරෝධතා භාණ්ඩ ඊයේ අලුයම (17) ද අලුයම පොලිසිය විසින් රැගෙන ගොස් තිබුණ බව වාර්තා විය.
මෙයට විරෝධය පළකරමින් මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ක්රියාධරයින් විසින් ඊයේ (17) සවස් වරුවේ මිගමුව තෙල්වත්ත හංදියේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
වාර්තා වු අන්දමට මෙසේ පැහැර ගෙන ගිය බෝට්ටුව මිගමුව මහනගර සභාවේ එක් අන්තයක පිවිසුම් මාර්ගය අසල දමා ගොස් තිබුන අතර අනෙක් දැ මිගමුව පොලිසිය වෙතට ගෙන ගොස් තිබුන බවට කරුණු හෙළිවි තිබේ.
මේ භාණ්ඩ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයිද සැලය.
කෙසේ වෙතත් සිරස ප්රවෘත්ති ප්රකාශය තුලදි මෙම ක්රියාව කිසියම් මැර පිරිසක් විසින් සිදුකර තිබුන බවට වාර්තා කර තිබුණි.
මේ අතර අරගලකරුවන් විසින් මේ ගැන අදාල නීතිමය ක්රියාමාර්ග ගැනිම සදහා මිගමු අරගලබිම හා සමිපයෙන් කටයුතු කළ නිතිඥවරුන්ගේ සහය ලබාගැනිමට සැලැසුම් කර ඇතැයිද වාර්ථා වේ.