Sunday, September 22, 2024

මීගමුවේ කඩොලාන ගැන රටේම ප්‍රසිද්ධ වුන ඇමති පුත්තලමේ ගස් හිටවයි !

Must read

( 9.30 pm ) පුත්තලම දිස්ත්‍රික්කයේ මග දෙපස වන පැල ලක්ෂයක් සිටුවීම ජනතාවත් සමග එක්ව අරඹන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා අද(17 ) දින පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මේ බව පවසා සිටියේ ආඩිගම හෙල්ත් කලබ් තරුණ කණ්ඩායම සංවිධානය කර තිබු මාර්ග දෙපස පැළ සිටුවීමේ කටයුත්තකට එක් වෙමිනි.

මෙහිදි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජයේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව තමන් සියලු කණ්ඩායම් එක් කරගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග දෙපස පැළ ලක්ෂයක් සිටුවීමට ඉදිරියේදි කටයුතු කරන බවයි.

ඇමතිවරයා පවසා සිටියේ තමන් වයඹ පළාත් සභා ධීවර ඇමති ධුරය දැරූ සමයේදී ද කඩොලාන පැළ ලක්ෂයක් සිට වූ බවය.

ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු පද්ධති ආශ්‍රීතව කඩොලාන පැළ ලක්ෂයක් නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පසුගිය කාලය තුල මිගමුවේ කඩොලාන කපා ක්‍රිඩා පිටියක් ඉදිකිරිමට යාම සම්බන්ධයෙන් මතුවු ආරවුලකදි ඇමති සනත් නිශාන්ත ඔක්ෂිජන් ඇමති ලෙසින්ද ප්‍රකට වි සිටියේය.
එයට හේතුව වි තිබුනේ එකි රැස්විමට පැමිණ සිටි අයෙකු අපට ඔක්ෂිජන් කන්ඩදැයි ඇසු ප්‍රශ්ණයක්ද මුල්කොට ගෙනය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)