මිගමුවේ ධිවරයන්ගේ ජිවන අරගලය එන්න එන්නම දරුණු වෙමින් තිබේ. කුඩා බෝට්ටු ධීවරයන් පවසා සිටින්නේ පසුගිය මාස 2 කකටත් වැඩි කාලයකට භුමිතෙල් ලැබි නොලැබුන නිසා මුහුදු යාමට නොහැකිවු බවය.
මේ නිසාම අධික ණය බරකට මිගමුවේ ධිවරයන් අති බහුතරයක් මේ වන විට හසුව තිබේ.
පසුගිය දිනක මිගමුව වෙරළේදි හමුවු තෙප්පම් ධිවරයන්ගේ පැය 3 කට මහන්සිය වෙනුවෙන් ලැබුනේ ඉතාමත් සිමිත මාළු ප්රමාණයකි.මුහුදු රළුව තිබිමත් නිසා කුසගින්න නිවා ගැනිම සදහා ජිවන අරගලයද මේ වන විට බිහිසුණු වෙමින් තිබේ.