Sunday, September 22, 2024

මාධ්‍යවේදිනි ධරිෂා ගේ පරිගණකය වහාම ආපසු දෙන ලෙස ජාත්‍යන්තර බලපෑම්

Must read

රහස් පොලිසිය විසින් ගෙනයන ලද නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනී ධරිෂා බැස්ටියන්ස්ගේ පරිගණකය වහාම ආපසු දී ඇයට බලධාරීන්ගේ අඩන්තේට්ටමකින් තොරව වාර්තාකරණයේ යෙදීමට

ඉඩ සලසන ලෙස ජාත්‍යන්තර සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

ධරිෂා බැස්ටියන්ස් නොවැම්බරයේදී ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බව ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වමින් පවසන මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව (CPJ) ඇයට එරෙහිව ගෙනයන ප්‍රචාරය නතර කරන ලෙස බලකර සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජූනි 09 දා පරිගණකය ඇතුළු ඊට අයත් ආම්පන්න රැගෙන ගෙන යාම සමග එහි ඇති පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට මාධ්‍යවේදිනිය බිය පල කොට තිබුණි.

“ධරිෂා බැස්ටියන්ස් ගේ ලැප්ටොප් පරිගණකය අත්අඩංගුවට ගැනීම ගැන දැඩි විරෝධය පලකරන CPJ ඇගේ මුලාශ්‍ර එමගින් තවත් අනතුරේ හෙලනු ඇතැයි සැලකිලිමත් වෙයි,” යනුවෙන් එම සංවිධානයේ ආසියාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ආලියා ඉෆ්තිකාර් නිව්යෝර්ක් නුවරින් නිකුත් කළ නිවේදනයකින් පවසා තිබේ. 

“බැස්ටියන්ස්ගේ විවේචනාත්මක වාර්තාකරණයට එරෙහි පැහැදිලි ප්‍රතිප්‍රහාරයක් වන මේ ඇයට එරෙහි බියගැන්වීමේ ව්‍යාපාරය වහාම නැවත්වීමට බලධාරීන් කටයුතු කළ යුතුය.”

නොවැම්බරයේදී ස්විස් තානාපති කාර්ය මණ්ඩල සාමාජිකා ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාලව මාධ්‍යවේදිනියගේ පරිගණකය අත් අඩංගුවට ගන්නා ලද බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණි.

 දත්ත කිසියම් වෙනස් කිරීමකට ?

ජූනි මස 04 සිට 10 වන දා දක්වා කාල සීමාව තුළ අදාළ පරිගණකය තුළ අන්තර්ගත දත්ත කිසියම් වෙනස් කිරීමකට භාජනය වී තිබේ දැයි යන්න විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලංකා ජයරත්න ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත ජූනි 16 දා නියෝග කරන ලදී.

2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් කරන ලද ගවේෂණාත්මක වාර්තාවකට දායක වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍යවේදිනී බැස්ටියන්ස් ප්‍රසිද්ධියේ නම් කරන ලද බවද CPJ නිවේදනයේ සඳහන් වේ.

ධරිෂාගේ පරිගණකය අත් අඩංගුවට ගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊමේල් මගින්ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශක මොහාන් සමරනායකගෙන් වට්සැප් මගින්ද කරන ලද විමසුමට ප්‍රතිචාර නොලැබුණු බව  මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන කමිටුව වැඩිදුරටත් පවසයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)