Sunday, September 22, 2024

බේරුවලදි බහුදින යාත්‍රාවක් මුළුමනින්ම විනාශ වෙයි !

Must read

WhatsAppShare to Viber

බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක් මුහුදුබත් වී තිබේ.

පසුගිය 18 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවේ හටගත් දෝෂයක් හේතුවෙන් එය පාලනය කරගත නොහැකිව මුහුදු සීමාවේ පාවෙමින් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් බේරුවල පොලීසිය වෙත දැනුම් දි තිබුණි.

ඒ අනුව නිලධාරීන් අදාල යාත්‍රාව ආපදාවට ලක්වූ ස්ථානයට කාර්මිකයින් යොමු කර එය නැවත යථා තත්ත්වයට පත් කර තිබේ.

අනතුරුව අද උදෑසන 09.00 ට පමණ ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරාය වෙත පැමිණෙමින් සිටියදී එහි නැවතත් දෝෂයක් හටගෙන ගල් බැම්මක වැදීම හේතුවෙන් යාත්‍රාව මුහුදු බත් වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බහුදින යාත්‍රාවේ ධීවරයින් 5 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

ඔවුන් අබේපිටිය, මග්ගොන, හෙට්ටිමුල්ල සහ මහගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර බේරුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)