Sunday, September 22, 2024

බුරවි රටින් පිටට ගියත් අදත් පළාත් කිපයකට බලපෑම් ..

Must read

( 8.30 am ) බුරෙවි කුණාටු තත්වය රටින් පිටුව ගොස් තිබුනද අද දිනයේත් පළාත් කිපයකට එහි බලපෑම් එල්ල වනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් අද (04 වැනිදා) දිනයේ දී ඇති විය හැකි බවද ඔවුහු පවසා සිටිති
කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි අතර , මීගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකක් තුනක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත්, මේ නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)