Sunday, September 22, 2024

බුරවි උතුරට වැඩියෙන් හිරිහැර කරයි …තිදෙනෙක් අතුරුදන් ?

Must read

( 7.30 am ) බෙංගාල බොක්කෙහි ඇති වූ සුළි කුණාටුව ඊයේ රාත්‍රි කාලයේ ත්‍රිකුණාමලය සහ මුලතිව් ඔස්සේ රටතුලට ඇතුලුවි තිබුන අතර මේ වන විට වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක වන්නේ යාපනයයි.

දිගින් දිගටම ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 459 කට අයත් පුද්ගලයින් 1589 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව යාපනය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්.එන්. සූරියරාජා මහතා පැවසු බව newjaffna වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

වේලානායි හි දෙදෙනෙකු සහ සංගනායි හි එක් අයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් තිදෙනෙකු තුවාල සහිතව රෝහල් ගත කර ඇති බව ආර්.එන්. සූරියරාජා මහතා පවසා තිබුණිං

යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 15 කට මුළුමනින්ම හානි සිදුවී ඇති අතර නිවාස 141 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති අතර මේ වන විට සංක්‍රමණ කඳවුරු 4 ක් පිහිටුවා ඇත. ආර්.එන්. සූරියරාජා පවසන පරිදි, විශේෂයෙන් චන්ඩිලිපායි, චවාකච්චේරි සහ පේදුරුතුඩුෙව් යන ප්‍රදේශවල බොහෝ නිවාස අර්ධ වශයෙන් හානි වී ඇත.

මීට අමතරව, මරුතන්ගනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පමණක් පවුල් 167 ක සාමාජිකයින් 523 ක් පීඩාවට පත්ව ඇත. පොයින්ට් පේද්‍රෝ හි පවුල් 58 කට අයත් පුද්ගලයින් 206 ක් සහ වේලානායි හි පවුල් 23 කට අයත් පුද්ගලයින් 80 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

මුලාශ්‍රය – newjaffna.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)