Sunday, September 22, 2024

බලු බද්දක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් කූඩු කිරීමේ වෑයමක්

Must read

දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත යුගයේ ක්‍රියාත්මක වු ආකාරයේ බලු බද්දක් යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට කැඳවා තිබේ.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ දඹුල්ල මහ නගර සභාව විසින් 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුරතල් සුනඛයන් සදහා බලු බද්දක් යෝජනා කරමින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් සම්බන්ධයෙන් වාර්තා කළ ජනමාධ්‍යවේදීන් තිදෙනෙකි.


Tex Doc2021 1
ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් වාර්තා කරුවන් තිදෙනකු වන මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම අනුව නොවැම්බර් 12 වැනි සිකුරාදා කොළඹට පැමිණ සිටි සරත් එරමිණිගම්මන මාධ්‍යවේදියා අගනගරයේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ සැප්තැම්බර් 10 වැනි දින දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව එම කැඳවීම සිදු කර තිබු බවයි.

තමන් අතට පත්වන මුලාශ්‍ර පදනම් කරගනිමින් මාධ්‍යකරණයේ යෙදීමට ජනමාධ්‍යවේදීන්ට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අවධාරණය කරන සරත් එරමිණිගම්මන එහිදී ප්‍රශ්න කර සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයද යන්නයි.

“දැන් අපිට මාධ්‍යවේදීන් විදිහට අපිට හමුවෙන මුලාශ්‍ර පදනම් කරගෙන අපිට මාධ්‍ය හසුරුවන්න බැරි තත්වයක් තියෙන්නේ මොකද ඒ හැම එක්කටම සී.අයි.ඩී එකේ මහත්තුරු, පොලීසියේ මහත්තුරු ලගට ගිහිල්ලා ඔවුන්ට ගිහිල්ලා පැමිනිලි කරනවා. එහෙම උනාම දැන් කරන්න වෙලා තියෙන්නේ දැන් එයාලගෙන් අවසරයක් අරන් තමයි අපිට මේ මාධ්‍ය මෙහෙයුම ඉස්සරහට කරන්න වෙන්නේ.”

එය ඉතා ශෝචනීය තත්වයක් බව මාධ්‍යවේදී සරත් එරමිණිගම්මන වැඩි දුරටත් සදහන් කළේය.


ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් ගේ ඉල්ලීම !

මීට ඉහතදී දි අයිලන්ඩ් සහ ලංකාදීප කතුවරුන් හා මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවූ අවස්ථාවක එය වලක්වා ලීමට පියවර ගත් මාධ්‍ය ඇමැති ඩලස් දහම් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා තිබුනි.

“මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළයුතු බව” අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම පොලිසිය භාර ඇමැති සරත් වීරසේකරද ප්‍රකාශ කළ බව අලහප්පෙරුම ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට කියා තිබුණි.

මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාධ්‍යවේදීන්  තිදෙනා සම්බන්ධයෙන් මාධ්‍ය ඇමැතිවරයා මේතාක් කිසිදු මැදිහත්වීමක් කළ බවක් දැනගන්නට නැත.

උතුරු හා නැගෙනහිර දෙපළාතේ  මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන නවරත්නම් කපිලනාත් හා  යූ. එල්. මබ්රූක් පසුගියදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත කැඳවීම ගැනත් මාධ්‍ය ඇමැති ඩලස් දහම් අලහප්පෙරුම මේතාක් අනුගමනය කර ඇත්තේ නිහඬ පිළිවෙතකි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)