Sunday, September 22, 2024

පොදු ප්‍රවාහන සේවා තුලින් කොරෝනා රටපුරා පැතිර යාමේ අවදානමක් ?

Must read

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රටතුල මතුවිමට නියමිතව ඇති අවදානම් තත්වය සහ ඒ ගැන නිසි විමර්ශණ වලින් තොරව ඇතැම් බලධාරින් විසින් ගනු ලබන තිරණ වල අහිතකර බලපැම් පිළිබදවව දැනටමත් නොබියව සිය අදහස් පළකර තිබේ.
මේ අත සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද කටයුුතු කරන පොදු ප්‍රවාහනය හේතුවෙන් රටපුරා කොවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයිද ඔවුන් අවධාරණය කර සිටි

කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන බස් රථවල මගීන්, කොන්දොස්තර හා රියැදුරු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් මත වයිරසය පිටපළාත් වෙත සංක්‍රමණය වීමක් ආරම්භ වී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය දැනටමත් පෙන්වා දි ඇත

මේ හේතුවෙන් ඉදිරි සතිය ඇතුළත දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ බරපතළ අවදානමක් පවතින බැවින් පොදු ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට සිදු විය හැකියැයි ද හෙතෙම අවධාරණය කර තිබේ.

මේ අතර පොදු ප්‍රවාහනයේ දී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබව සඳහන් කරමින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව රෙගුලාසියක් පසුගිය (15 වැනිදා) සිට ඇතුළත් කර ඇත.

තවද ධාවනය වන බස්රථයක් තුළ කිසිදු මගියකු සිටගෙන ගමන් නොකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි. නව රෙගුලාසි පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා ද දැනුවත් කර තිබේ. ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන අතර රෙගුලාසි කඩ කරන්නට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)