Saturday, September 21, 2024

පිරිමි හදපු අර්බුදය විසඳන්න මුල් වුන කාන්තාවන් තුන්දෙනා !

Must read

කඩාවැටුණු ආර්ථිකයෙන් රට ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාදීමට මූලික වූයේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.

අද (08) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

‘ඇය දැයේ අභිමානයයි’ යන්න තේමා කරගත් ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂභාවය, සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාත් ඒ තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාත් ප්‍රථම වරට සැකසූ ජාතික කාන්තා ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලාංකේය අභිමානවත් හා දීප්තිමත් කාන්තාවන් උදෙසා ප්‍රණාම පුදකිරීමත් දිස්ත්‍රික් මට්ටමේ හොඳම ව්‍යවසායිකාවන් 25 දෙනෙකු ඇගයීමත් සිදු කෙරුණි.



කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලාංකික කාන්තාවන් ඉදිරියෙන් සිටින අතර ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙරමුණ ගන්නා බවත්, සෑම අංශයකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කැපවී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජාත්‍යන්තර කාන්තා දින උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.



මෙහිදී තවදුරටටැහැ අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

“2020 – 2022 ජාත්‍යන්තර කාන්තා දිනයත් 2023 ජාත්‍යන්තර කාන්තා දිනයත් අතර මේ රටේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. මූලික හේතුව අපේ ආර්ථිකය කඩාවැටීම. දැන් මේ කාලය තුළදී අපි බලනවා නම්.. අපි වින්ඳ දුක ඒකෙන් අපිව බේරගන්න ක්‍රියාකරපු අයගේ නම් ගත්තොත් කාන්තාවන් තුන්දෙනෙක්ගේ නම්.”

“මම හිතුවා.. ඒ අයගේ නම් විශේෂයෙන් ම සඳහන් කරන්න. පළමුවෙන්ම ඉන්නේ නිර්මලා සීතාරාම් තමයි. ඉන්දියාවේ මුදල් අමාත්‍යතුමිය. එතුමිය තමා අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයයි එක්ක කතා කරලා, ලංකාවට ඩොලර් බිලියන 3ක් ණය දෙන්න කියලා තීරණයක් ගත්තේ අප්‍රේල් මාසයේ. අපි ඇත්ත වශයෙන්ම බංකොලොත් වුණා කියලා ප්‍රකාශ කරායින් පස්සේ. මම හිතන්නේ බංකොලොත් වුණ රටකට ණය දෙනවා කියන එක හරි නිර්භීත ක්‍රියාවක්. පළමුවෙන්ම අපි එතුමියට ස්තූති කරන්න ඕනේ පසුගිය මාස තුන හතරේ බිලියන 03 නොතිබුණා නම් රටේ මොකද්ද වෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.”

“දෙවනුව අපි ගියා ප්‍රධාන රටවල් එක්ක ආර්ථිකය ගැන කතා කරන්න. එතැනදී ප්‍රධාන රට තමා අමෙරිකාව. එතැනදී නායකත්වය ගත්තේ, ඒ රටේ භාණ්ඩාගාරික ලේකම් ජැනට් යෙලන් මහත්මියටත් මම ස්තූති කරනවා.”

“මේ රටවල් එක්ක, පැරිස් සමාජය එක්ක, ලෝක බැංකුව ඔක්කෝම එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම මේකේ නායකත්වය ගත්තේ, ලංකාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කැපවීම කළේ, IMF සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය කියලා මම කියන්න කැමතියි. මේ කාන්තාවන් තුන්දෙනා හිටියේ නැත්නම් අපි හුඟාක් අමාරු වෙනවා.”

මුලාශ්‍රය – ද ලීඩර්


https://web.facebook.com/watch/?v=1146108659400447&t=5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)