Sunday, September 22, 2024

ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කළැයි ‘උදයන්’ පුවත්පතට නඩු පවරයි

Must read

යාපනයෙහි පළවන වැඩිම අලෙවියක් සහිත ‘උදයන්’ පුවත්පතට එරෙහිව

ශ්‍රී ලංකා පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් පවරා තිබේ. 

ඒ පසුගිය නොවැම්බර් 26දා දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙනි.

පොලිසිය විසින් දෙසැම්බර් මස මුලදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව මාර්තු 21 දක්වා කල් දමා තිබේ.

මෙම නඩුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පවරා ඇත්තේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙස යැයි පුවත්පතහි ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනපවන් ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

වඩේ කාපු යාපනයේ මිනිස්සුන්ට අපි පීසා කන්න හදල දුන්නා” යැයි යාපනයේ පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයා අධිකරණයෙහි ද කරන ලද ප්‍රකාශයක් පසුගිය දිනෙක ‘උදයන්’ පුවත්පත විසින් පළ කර තිබිණ.

පසුව එම පුවත සමාජ මාධ්‍යන්හි වයිරසයක් මෙන් පැතිර ගියේය. පළිගැනිමට හේතුව එය විය හැකියැයි යාපනයේ ජනමාධ්‍යවේදීහු සැක පහළ කරති.

තමාට හෝ පුවත්පතේ කාර්යාලයට මෙම චෝදනා පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්, තමන් මෙය දැන ගත්තේ අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තා මගින් බවත් පුවත්පතෙහි ප්‍රකාශක සරවනපවන් කියා සිටී.

මෙරට පුවත්පත් සහ වෙබ් අඩවි බොහෝ අවස්ථාවන්හි ප්‍රභාකරන්ගේ ජායාරූප පළකර ඇති නමුත් එවැනි පළකිරීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකට එරෙහිව නඩුවක් පවරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

”මෙරට පුවත්පත් සහ වෙබ් අඩවි බොහෝ අවස්ථාවන්හි ප්‍රභාකරන්ගේ ජායාරූප පළකර ඇති නමුත් එවැනි පළකිරීමක් සම්බන්ධයෙන් ජනමාධ්‍යකට එරෙහිව නඩුවක් පවරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.”

නිදහස් මාධ්‍ය කියාකරුවකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පවසා තිබුනේ, මෙම ප්‍රකාශණ අයිතියට එල්ල වූ තර්ජනයක් බවත් ඒ ගැන මාධ්‍ය නිදිහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මුනිවත රැකීම පුදුමයට කරුනක් බවත්ය.

පසුගිය නොවැම්බර් මාසයෙහි ප්‍රභාකරන්ගේ ජායාරූප පළ කළැයි නැගෙනහිර පළාතෙහි තරුණ තරුණියන් 50 දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රීවරයකු වන රාසමානික්කම් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසිය.

ඔහුට අනුව එම සියලු දෙනාම අත් අඩංගුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

එල්ටීටීඊ නායකයාගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ජායාරූප පල කළැයි පසුගිය නොවැම්බරයේදී 55 දෙනෙකු විමර්ශනය කොට ශ්‍රී ලංකා පොලිසිය 19 දෙනෙකු අත්අඩංගුවට ගනනා ලදැයි ටැමිල් ගාර්ඩියන් වේ අඩවිය වාර්තා කළේය.

‘උදයන්’ යනු ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට ලක් වූ පුවත්පත වන අතර එම කිසිදු ප්‍රහාරයක් පිළිබඳව මේ තාක් කවර හෝ පරීක්ෂනයක් පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නැත.

(srilankabrief.org)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)