Saturday, September 21, 2024

පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩක් !ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෙත්සමක්

Must read

අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩකඩක් පවතින බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1415115862&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true

new2023 voice · ELE ROHANA 01

නියමිත කාලයට මැතිවරණ ලබාදීම මැතිවරණ කොමිසමේ සහ ආණ්ඩුවේ වගකීමක් වන බවද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1415116684&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true

new2023 voice · ELE ROHANA 02

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්,

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත.

එම පෙත්සම ගොනුකර ඇත්තේ, විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසිනි.

ඡන්ද පැවැත්වීමට මුදල් ලබාගත හැක්කේ ආදායම් ලැබීම මත පදනම්ව හෝ ණයට මුදල් ලබාගැනීමේ පදනම මත බව මැතිවරණ කොමිසම තමන් වෙත දන්වා ඇතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (02) ගොනුකළ රිට් පෙත්සමක් සමඟ තොරතුරු ඉදිරිපත් කර තිබේ.

ඒ මඟින් මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිව්දෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා  වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොණු කිරීමට කටයුතු කර තිබේ.

ඒ පෙත්සමින් කරුණු දක්වා ඇති විශ්‍රාමික කර්නල්වරයා සඳහන් කර ඇත්තේ, මේ මොහොතේ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් රටට හෝ මහජනතාවට ඇතිවන සුගතිය කුමක්ද යන්නයි. එක් දේශපාලන පක්ෂයක් ඡන්දය ඉල්ලද්දී, තවත් පිරිසක් ඡන්දයට සල්ලි නොමැති බව මාධ්‍ය විසින් අනාවරණය කරයි.


ඡන්දය පැවැත්වීම සඳහා අවම රුපියල් බිලියන 10 ක් වැය වේ


මැතිවරණ කොමිසම පවසන අන්දමට ඡන්දය පැවැත්වීම සඳහා අවම රුපියල් බිලියන 10 ක් වැය වේ.

මේ පිළිබඳව මීට සති දෙකකට ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත මඟින් මැතිවරණයක් පැවැත්වීම සඳහා සල්ලි වෙන්කර ඇද්ද, එය මුදල් වශයෙන් තිබෙනවා ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමෙන් විමසා සිටියදී, ඔවුන් විසින් තමන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඡන්දයක් පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් වැය වන බවත්, එය රාජ්‍යයට ආදායම් ලැබීම මත හෝ ණයට ලබාගැනීමේ පදනම මත තීරණය වන බවත්, තමන් වෙත දන්වා ඇති බවද පෙත්සම්කරු තහවුරු කරයි. ඊට අදාළ සියළු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රටේ පවතින වත්මන් ආදායම් තත්ත්වයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාවට මේ මොහොතේදී ලබාදී ඇති ශ්‍රේණිගතකිරීම් පිළිබඳවත්, පසුගිය වසර තුනක රජයේ ආදායම් සහ වියදම් පිළිබඳවත් කරුණු දක්වා ඇති පෙත්සම්කරු, දීපව්‍යාප්ත ඡන්ද ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරමින් ඇති මොහොතක, ඡන්ද ව්‍යාපාරයන්හි නිරත පුද්ගලයින්ගේ සහ දේශපාලන පක්ෂවල මූල්‍ය පාලනය සඳහා නීති සම්පාදනය කෙරෙන මොහොතක, තරුණ සහ කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳව ප්‍රතිශත වශයෙන් තීන්දු කෙරෙන මොහොතක, අපේක්ෂක විනිවිදභාවය පිළිබඳව නීති සකස් කෙරෙමින් මේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක මොහොතක, පළාත් පාලන දේශපාලන සභිකයන් 8,711 ක් රටට ආර්ථිකවත්, සමාජයීයවත් බර වැඩි මොහොතක, එය 1/3 කට සීමා කළ යුතු යැයි සාකච්ඡා කෙරෙන මොහොතක, හදිසි මැතිවරණයකින් රටකට, රටේ මහජනතාවට අත්වන සුගතිය කවරේද යන්න ප්‍රශ්න කර සිටී.

එමෙන්ම ද්වීපාර්ශවීය සහ බහුපාර්ශවීය ණය ගැනීමට ඇති නොහැකියාව, යම් හෙයකින් මුදල් අච්චු ගැසීමට සිදුවුවහොත් ඊට සාපේක්ෂව සිදුවන උද්ධමනය, එසේත් නොමැතිනම් මේ මැතිවරණ වියදම් දැරීම හේතුවෙන් අනිවාර්යෙන් සිදුවිය හැකි ආර්ථිකයේ කඩාවැටීම මත නැවතත් ඉන්දන නොමැති, ගෑස් නොමැති, විදුලිය වැඩි වේලාවක් කප්පාදු කෙරෙන ආදී වශයෙන් වන බරපතල ජීවන තත්ත්වය පවත්වාගැනීමේ අර්බුද ගණනාවකට සහ සමාජ පීඩනයකට ලක්වීමට නියමිත බවය.

එසේ පවසන පෙත්සම්කරු, රිට් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සංවිධාන කටයුතු බලරහිත කරමින් රිට් ආඥාවක් ලබාදෙන ලෙසත්, අධිකරණයට ඉදිරිපත් කර ඇති සහ වැඩිදුරටත් අවශ්‍ය ලේඛන ලබාදෙන ලෙසත්, එකී ලේඛන පරීක්ෂා කරන ලෙසත්, මෙම නඩුව අසා නිමවනතුරු හෝ අධිකරණයට මැනැවැයි හැඟෙන කාලයක් සඳහා අතුරු නියෝග නිකුත් කරමින් නඩුවේ දැන් පවත්නා තත්ත්වයන් වෙනස් නොකිරීමටත්, මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගන්නා තීරණයේ බලපෑම වැළැක්වීමටත්, කටයුතු කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.


ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩක් !


අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩකඩක් පවතින බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරය හි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පැවසිය.

මුලාශ්‍රය – ද ලිඩර්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)