Sunday, September 22, 2024

පසුගිය දින 50 ක කාලය තුළ ගෑස් පිපිරීමේ සිද්ධීන් 860 ක් !

Must read

දිවයිනපුරා ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක් අද (21) දිනය තුළ වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබේ.අද අලුයම 4.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම අනතුරු හෝමාගම, දඹගල්ල, හතරලියැද්ද, වලස්මුල්ල, ගණේමුල්ල, මීගලෑව , දුම්මලසුරිය, වීරවිල, කඹුරුපිටිය, කඩවත , කිරිබත්ගොඩ, පල්ලේකැලේ, නවගමුව යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග දක්වා සිටි.

මෙම සිද්ධීන් අතරින් 05 ක්ම බස්නාහිර පළාතින් සහ 8 ක් පිට ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මෙම අනතුරුවලින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

පසුගිය නොවැම්බර් මස 01 වැනි දින සිට අද (21) දක්වා දින 50 ක කාලය තුළ ගෑස් පිපිරීමේ සිද්ධීන් 860 ක් වාර්තා වී ඇති බවද පොලිසිය කියයි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)