වසංගතයෙන් දිවි අහිමි වූ සිය සහෘදයාගේ දේහය බහා ලීමට පෙට්ටියක් ගැනීමට මුදල් නොමැතිව ජනයා විලාප නංවති. නොනැසී ජීවත් වීම සඳහා මාසිකව ලබා දෙන සහනාධාරය සතියකට වත් ප්‍රමානවත් නොවන බව පවසමින් ජනයා ඇඳිරි නීති නොතකමින් වීදි බසිති.
එක්දාස් නමසිය තිස් ගණන් වල ලක්දිව හමාගිය මැලේරියා වසංගතයේදී රාජ්‍යය අසමත් වන විට දුගී ජනයා වෙනුවෙන් ඉදිරියට ආවේ ලංකාවේ වමය. ඇන් ඇම් , වික්‍රමසිංහ ඩොරින් , කොල්වින් ආදීන් ගෙන්ගෙට ගොස් රෝගාතුර වූවන්ට පිළිසරණ වූහ.
දශක නමයක් ගෙවීගිය තැන පැමිණි මේ වසංගතයේදී කලක් වාමාංශික පක්ෂයක ඉහල පෙලේ නායකයෙක්ව සිට දැන් අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශයානුන්ගේ දැක්ම වනුයේ මාසයක් දිවි ගෙවීමට දුන් සහනාධාරය සතියක් තුල නාස්ති කරගෙන දැන් පෙලපාලි යන බවය. ඒ දශක තුනකුත් වසර තුනකට පෙර මේ නොවැම්බරයේදීම ලෙයින්ද යකඩින්ද ගින්නෙන්ද පෙලා පාගා පොඩිපට්ටම් කර දැමූ පක්ෂයක් නැවත ගොඩනැගීමට කොළඹ මංමාවත් සිය දෙපයින් ගෙත්තම් කල විමල් වීරවංශයානෝය. අනික් දෙදෙනා ඔහුගේ ගමන් සගයින්ය.
දුගී ජනයා මංමාවත් වල මියෑදෙති. වැළලීමට පෙට්ටියක් ගත නොහැකිව විස්සෝප වෙති. ආහාර ඉල්ලා වීදි බසිති.
තවමත් පරිප්පු බෙදීමට ඇන්ඇම් ලා නැත. ක්වීනින් දීමට ඩොරීන්ලා , සෙරීන් ලා නැත.
එහෙත් වසංගතය බියකරුය. කිසිවෙක් පැමිනෙන තෙක් බලා නොසිට ලක්දිව සිසාරා මරණය දෙවනත් කරයි.
(බී.එල්.එස් .විමලසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)