Sunday, September 22, 2024

නගර ගණනාවක මාළු වෙළඳ සැල් වසා දැමේ …!

Must read

හැටන් නගරයේ පිහිටි සියලුම මාළු වෙළදසැල් අද (23) දින වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සහ හැටන් පොලිසියේ නිලධාරීහු කටයුතු කර තිබේ.පෑලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කිරීම නිසා එම අලෙවිසැල්වල සේවය කරන සියලුම සේවකයින් පී.සී.ආර් පරීක්ෂණයකට යොමුකිරීම සදහා එම වෙළඳසැල් වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කියා සිටියේය.

පෑලියගොඩ මාළු වෙළඳැසැලේ කොවිඩ් 19 වයිසරය අසාධනය වු සේවකයෙකුගේ හැටන් දික්ඔය දරවල වත්තේ පිහිටි නිවසේ සාමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සහ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු ඊයේ (22)කටයුතු කළහ.

පැලියගොඩ මාළු වෙළඳසැලෙන් මාළු රැගෙනවිත් අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළඳසැල් කිහිපයක්ද අද(23) වසා දමා එහි සේවකයින්ව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගත් බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසීය.

හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ්-19 ආසාදිතයකු අනාවරණය වීමෙන් එම වෙළඳසළ වසාදැමීමට අද (23) සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

වෙළඳසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසල් සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇතැයි විජේසූරිය මහතා කීය.

එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය.

තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෑලියගොඩ තොග මාළු වෙළඳසැල්වලින් මාළු මිලදීගනු ලබන රත්නපුර ව්‍යාපාරිකයෙකුට සුළු උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහල්ගත වූ පසු, රත්නපුර නගරයේ ඔහුගේ මාළු වෙළඳසැල සහ සුළු පරිමාණ මාළු වෙළඳසැල් 2ක් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත වසාදැමූ බව රත්නපුර මහ නගර සභාව පවසයි.
 
මෙම වෙළඳසැල් හිමියන් ද ඇතුළුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 50 කගේ පමණ අද(22) පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා සාම්පල ලබාගත්  බව මහ නගරසභා සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ ලබාගත් පී.සී.ආර්. පරීක්‍ෂණ සාම්පල වාර්තා අනුව  කොරෝනා ආසාදිතයන් බවට  තහවුරුවන පුද්ගලයන් සිටියහොත් රත්නපුර නාගරික බලප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතාවයට පිණිස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි මාළු වෙළඳසැල් වසාදැමීම හෝ ඒ පිළිබඳව ගතයුතු වෙනත් ක්‍රියාමාර්ගයන් එළඹෙන බව නාගරික කොමසාරිස් චිත්‍රා මානෙල් කෝට්ටවත්ත මහත්මිය පැවසුවාය.
 
රත්නපුර මහ රෝහලේ කොරෝනා ආසාධිත බවට සැකසහිත, පුද්ගලයන් රඳවන වාට්ටුවෙහි සිටින එම ව්‍යාපාරිකයා මේවනවිට පී.සී.ආර්. පරීක්‍ෂණයට යොමුව ඇතිබව රෝහල් ආරංචි මාර්ග මාර්ග පවසයි.

මේ අතර කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)