Sunday, September 22, 2024

දේශපාලන ප්‍රභූන් වැඩට බසී : ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ලක්ෂ ගණනින් ගෙනල්ලා

Must read

wechat sharing button

( 8.30 am ) සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් හෝ නිර්දේශයකින් තොරව ප්‍රමිතියෙන් බාල මුව ආවරණ ලක්ෂ ගණනින් මෙරටට ගෙන ඒමට ව්‍යාපාරිකයින් පිරිසක් හා ප්‍රභූ දේශපාලනඥයින්ගේ පුතුන් පිරිසක් කටයුතු කර ඇති බව රාජ්‍ය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයි වාර්තාවේ.   සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිති සහතිකයකින් තොරව මෙරටට මුව ආවරණ ගෙන ඒම රජය විසින් මේවනවිට තහනම් කර ඇතත්,  බුද්ධි සේවා වාර්තා කර ඇති පරිදි මෙම ජාවාරම සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයින්ගේ හා නිලධාරීන්ගේ ආශීර්වාදය යටතේ ය.   පසුගිය අඟහරුවාදා හොංකොන් හරහා මෙරටට පැමිණි ගුවන්යානා දෙකක තිබු ප්‍රමිතියෙන් තොර මුව ආවරණ තොගයක් රේගුවට ලැබුන ඔත්තුවක් මත අත්අඩංගුවට ගෙන ‘සීල්’ තැබීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර ඇත.   9651klnbඑහෙත්, බ්‍රහස්පතින්දා අලුයම UL 881 ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් ගෙන ආ ප්‍රමිති සහතිකයක් නොමැති මුවආවරණ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් ඉහලින්ම ආ දේශපාලන බලපෑම් මත මුදාහැරීමට රේගුවට සිදුව ඇත.   හෙට (22) අලුයම කටුනායකට පැමිණීමට නියමිත ගුවන් යානයක ද මෙවැනිම මුව ආවරණ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් ගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් එම මුව ආවරණ තොග සඳුදා උදැසනම නිදහස් කර ගැනීමට කටයුතු යොදා ඇති බවටත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලයට මේවනවිටත් තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ.  

නීති විරෝධී ලෙස මුව ආවරණ මෙරටට ගෙන්වන ජාවාරම්කරුවන් මේවනවිට ශ්‍රී ලන්කන් ගුවන්යානා වලට අතිරේකව ඩුබායි ,සිංගප්පුරු හා කාටර් ගුවන් යානාද මෙම මුව ආවරණ ගෙන ඒමට යොදාගෙන තිබේ.   අප වෙත වාර්තාවන පරිදි දෙසැම්බර් මුල් සතියේ සිට  වියට්නාමය, ඩුබායි හා චීනයෙන් එන නැව්වල  කන්ටේනර්  තුළද රහසිගතව සඟවා මෙම  මුව අවරාණ තොග  කිහිපයක් ගෙන ඒමට කටයුතු කර ඇතැයි ද වාර්තාවේ.  

arunaldkfjl

මෙලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ඇතැම් ආනයනකරුවන් මුව ආවරණ විදේශ රටවලින් ආනයනය කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි දේශීය නිෂ්පාදකයන් චෝදනාකරන බවට අරුණ පුවත්පත වාර්තා කරයි.    එලෙස ආනයනය කළ මුව ආරවණ දේශපාලන බලපෑම් මත වරායෙන් සහ ගුවන්තොටුපොළින් නිදහස් කර ගන්නා බව එම දේශීය නිෂ්පාදකයන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ.   එසේම මෙරට දේශීය නිෂ්පාදකයන් පවසන්නේ ඔවුනට මුව ආවරණ ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම රජයේ ඇතැම් බලධාරීන් සැලසුම් සහගතව පමා කරමින්  සිටින බවයි.   අනුමැතියකින් තොරව ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ පනහක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළේ සිර වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර තිබේ.   අනුමැතියකින් තොරව ගෙන්වන ලද මුව ආවරණ ලක්ෂ පනහක් පමණ මේ වන විට වරායේ සහ ගුවන්තොටුපොළේ සිර වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කර තිබේ.   දිවයින පුරා රෝහල්වල ශල්‍ය මුව ආවරණ දෛනික අවශ්‍යතාව දෙලක්ෂ පනස් දහසක් වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.   එම නිසා ලක්ෂ දහයක පමණ මුව ආවරණ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට අමාත්‍යාංශය තීරණය කර ඇත.  

රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ දේශීය අනයන කරුවන් හට නිසි ක්‍රමවෙදයක් යටතේ අපනයන සහතික නිකුත් කරන බවයි. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය මුව ආවරණ වැඩි වශයෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)