Sunday, September 22, 2024

දකුණේ ධීවරයන්ගේ මාළු දඩයමට එරෙහිව යාපනයේ විරෝධතා

Must read

දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම නතර කිරීමට මැදිහත් වන ලෙස රජයට බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

වඩමාරච්චි නැගෙනහිර මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ජුනි 17  බදාදා පැවැති විරෝධතාවය සංවිධානය කර ඇත්තේ යාපනයේ ධීවර සංගම් නියෝජිතයන්  පිරිසක් විසිනි.

ප්‍රදේශයේ  ධීවරයන්ගේද සහභාගීත්වයෙන් පැවැති  විරෝධතාවයේදී ධීවර සංගම් නායකයන් පෙන්වා දී ඇත්තේ, මේ වන විට යාපනය මුහුදේ  පුත්තලම, හලාවත, මීගමුව හා කල්පිටිය ආදී ප්‍රදේශයන්හි සිට පැමිණෙන සංක්‍රමණික ධීවරයන්   මසුන් මැරීමේ නිරත වීම නිසා  යාපනයේ ධීවරයන්ට දෛනික ධීවර කටයුතු සිදු කරගැනීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බවයි.

ඉන්දීය ධීවරයන්ගෙන් සිදුවන බලපෑමට අමතරව දේශිය සංක්‍රමණික ධීවරයන්ගේ තහනම් දැල් ආම්පන්න නිසා උතුරේ ධීවරයන්ට බාධා රැසක් එල්ල වන බව එහිදී ධීවර සංගම් නායකයන් පෙන්වා දී තිබේ.

උතුරේ  ධීවරයන්ට බලපා ඇති ගැටලුවලට විසදුම් ලබා දීම සදහා වහාම රජය මැදිහත්  වන ලෙස ඉල්ලමින් විරෝධතාවය දියත් වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

Protwest Jaffna

විරෝධතාවය අවසානයේ  දී  මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් තම ඉල්ලීම් ඇතුලත් සංදේශයක් භාර දීමටත් විරෝධතා කරුවන් පියවර ගෙන තිබේ.

උතුරේ ධීවරයන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන්  මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ, සංක්‍රමණික ධීවර ගැටලුව විසදන ලෙස   අවස්ථා කිහිපයකදීම රජයට බලපෑම් කළත් මේ තාක් විසදුම් ලැබී නැති බවයි.

“එක අතකින් එය ජාතීන් අතර ප්‍රශ්නයක් වෙයි,  දිස්ත්‍රීක් අතර ප්‍රශ්නයක් වෙයි,  කියලා බලධාරීන් මඟහරනවා වගෙත් පේනවා. නමුත් විසඳුමක් ලබා දිය හැකි පැතිකඩ අපි රජයට පෙන්වා දී තිබෙනවා,” යි ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම නතර කරන ලෙස රජයට  බල කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් ජුනි 15 සදුදා දිනයේත් වඩමාරච්චි නැගෙනහිර මරදන්කේනි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ම විරෝධතාවයක් පවත්වා තිබු අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් එහිදී චෝදනා කර තිබුනේ දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම සදහා ආණ්ඩුව සහ නාවික හමුදාව සහාය ලබා දෙන බවටයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)