Sunday, September 22, 2024

ඩෙංගු අධි අවදානම් කලාප 53 ක් !

Must read

මදුරු ගහණය වැඩි වීමත් සමග දිවයින පුරා ඩෙංගු අධි අවධානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 53ක් සහ අවදානම් කලාප ලෙස තවත් බල ප්‍රදේශ 147ක් හඳුනාගෙන තිබේ. ඒවායින් බහුතරය කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකළපුව වන දිස්ත්‍රික්කවලට අයත්ය.

වැසි සමය ඇරැඹීමත් සමග මදුරු ගහනය වැඩි වී ඇති අතර ඒ හේතුවෙන් ඔක්තෝම්බර් 14 සිට 20 දක්වා ජාතික මදුරු මර්දන සතියක්ද නම් කර තිබේ. ඒ අනුව හඳුනාගත් ප්‍රදේශවල මදුරු ගහනය පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේ නමුත් පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වැඩසටහන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක නොවේ. පසුගිය 14 වැනිදා වන විට මෙම වසර තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 28,189කි. එයින් වැඩිම පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 4023කි. කොවිඩ් අවධානමට ලක්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2483ක් වන අතර එය දෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා කරන දිස්ත්‍රික්කයද වේ.

පරීක්ෂණ වාර්තාවලින් හඳුනාගත් පරිදි මදුරුවන් බෝවීමේ වැඩිම අවධානමක් ඇත්තේ ඉදිකිරීම් පරිශ්‍රය තුළය. එය ප්‍රතිශතයක් ලෙස 55.84%කි. මීට අමතරව කර්මාන්තශාලා, පාසල්, පොදු ස්ථාන සහ ආගමික ස්ථාවලද මදුරුවන් බෝවීමේ ඉහළ ප්‍රවනතාවක් ඇත.

කෙසේ නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් ඔක්තෝම්බර් මාසවලට සාපේක්ෂව මෙම වසරේ මෙකී කාලය තුළ වාර්තා වන රෝගීන් ප්‍රමාණය 75%කින් පමණ අඩු බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඩෙංගු මර්දන ඒකකයේ සභාපති වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේය.
( අරුණ )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)