Sunday, September 22, 2024

ජනපති සමාව අරන්: මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ තීන්දුව හකුලා ගනී!

Must read

messenger sharing button

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබුනද මේවනවිට

එම තීරණය වෙනස්කර ගෙන ඇතයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පෙරේදා (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එම කම්පනය හේතුවෙන් වයෝවෘධ මහ බැංකු අධිපතිවරයාට වෛද්‍ය උපදෙස් ද ලබා ගැනීමට පවා සිදුව ඇත.

ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ,  රටේ ආර්ථිකය කඩා වැටෙද්දී මහ බැංකුවේ බළධාරීන් නිදා සිටින බවයි.

ජනාධිපතිවරයා මහ බැංකුවේ ප්‍රධානීන්ට තර්ජනය කරමින් බැනවැදුණ ආකාරය දැක්වෙන දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියලු රුපවාහිනී නාලිකාවට ලබාදී තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කර තිබිණ. මෙම තත්වය තුල  මහ බැංකු සභාපතිවරයාට වහාම තනතුරින් ඉල්ලා අස්වැන්නයි ඔහුගේ පවුලේ හිතවතුන් ගෙන්ද දැඩි බලපෑමක් එල්ල වී තිබු බවද වාර්තාවේ.

කෙසේවුවද සිද්ධියෙන් අනතුරුව ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා අමතා සමාව ඉල්ලා ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගී වූ සියලු දෙනාවෙත තමාගේ කණගාටු දැනුම් දෙන ලෙසද දැනුම් දී ඇත.  

මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යඥයෙකු වන ඩබ්.ඩී. ලක්ෂ්මන් පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා, මෙරට 15 වැනි මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩබාර ගත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ගේ නිර්දේශය මතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ ආශිවාදය ද ඔහුට ලැබී තිබිණ.

‘සමාව ගැනීමට අදාල විස්තරාත්මක පුවත්පත් නිවේදනයක් අවශ්‍යයි’ -‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සටහන් කර ඇත.

Post 1
Post 1 1
Post 2

‘දැනට ඉන්න කණ්ඩායම එක්ක ආර්ථිකය නගා සිටුවන්න බැහැ’ – අජිත් නිවාඩ් කබ්රාල්

කෙසේවුවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ, මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පෙරේදා (16) සිදුකළ ප්‍රකාශය සමග තමන් සම්පූර්ණයෙන් එකඟ වන බවයි. අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බවට ඔහු චෝදනා කර සිටියි.

සිදුව  තිබෙන වැරැද්ද නිවැරදි කරමින් එම ආයතනය නැවත ස්ථාපනය කර රටේ ආර්ථිකය මෙහෙයවීමේ ක්‍රියාවලියට අනුගත කළ යුතු බවත් එහෙත් දැනට ඉන්නා කණ්ඩායම සමඟ නම් එය කළ නොහැකි බවද හිටපු මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)