Sunday, September 22, 2024

ජනතාවගේ ඉවසිමේ තරම නොදන්නා ජොනි ?

Must read

ඉන්ධන මිළ හොර රහසේම ඊයේ මැදියේම රැයේ වැඩිකිරිමත් සමගින් ජනතාව දැඩි අපහසුවකට පත්ව සිටිති. ප්‍රකාශ නොවන වෛරයක්ද අද ඉන්දන පිරවුම් මල අසල වු කථාබහ විසින් පෙනෙන්නට තිබුණි.
ඉහල දැමු ඉන්දන මිළත් සමගින් තවත් තවත් බොහෝ දේවල් වල මිළ ඉහල යනු ඇතැයි අපෙක්ෂිතය.

මේ අතර ඇමති ජොන්ස්ටන් අද කියා තිබුනේ සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බවය රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බවයි ඇමතිවරයා අවධාරණය කර තිබේ.

පසුගිය කාලයේදී ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන ගියේ විශාල පාඩුවක් විඳිමින් බවත්, එම පාඩුව තවදුරටත් විඳීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් පාඩු පිට තෙල් ලබාදීමට සිදු වුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේද ජනතාවට බව පෙන්වා දෙන ජොන්ස්ටන් ඇමතිවරයා, ‘ගහලා බැන්දත් එකයි – බැඳලා ගැහුවත් එකයි’ යනුවෙන් පවසා තිබේ.

අයවැයන් පසුව මැති ඇමැත්තන් 60 ක‌ට වැඩි පිරිසක් විදේශ් සංවාරවලට නිරත බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ අතර ඒ් සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමති ජොන්ස්ටන් කියා තිබුනේ විදෙස් රටවල සිටින දරුවන් බැලිමට ඔවුන් යා යුතු බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)