Sunday, September 22, 2024

කොළඹ මහ නගර සභාවේ සේවකයන් 200 කොරෝනා !සති 3 කට කොළඹ වසාදමන්න- රෝසි කියයි

Must read

කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් ද කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් මේ වන විට වාර්තා වී ඇති බව වැඩිදුරටත් එහි සදහන්ය

මේ අතර මතුව ඇති වාතාවරණය තුළ අවම වශයෙන් සති තුනක කාලයක් හෝ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය වසාදමන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කර තිබේ

ඒ පිළිබචදව වැඩිපුර විස්තරවක් ඉදිරිපත් කරමින් අද දෙරණ වෙබ් අඩවිය මෙසේ වාර්තා කොට තිබේ.

“කොවිඩ් සමග ජීවත්වෙනවා කියන්නේ කොවිඩ් දෙවන රැල්ල සමග ජීවත්වෙනවා කියන එක නෙමෙයි. කොවිඩ් සමග ජීවත්වෙන්න නම් දෙවැනි රැල්ල අනිවාර්යෙන් පාලනය කළ යුතුයි. අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබුණා. මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වෙන වයස්ගත පුද්ගලයින් සංඛ්‍යාව වැඩියි. ඒ අයව බේරගන්න පුළුවන්කමක් තියෙනවාද කියන එකත් අද ප්‍රශ්නයක්.  ගෙදරට වෙලා නිරෝධායනය වෙන්න කියලා කොච්චර කිව්වත් පැල්පත්වාසීන්ට එහෙම කරන්න අවකාශයක් නෑ. එහෙම කරන්න නම් මේ අවස්ථාවේ රජය විසින් දැඩි පාලනයකට යටත් කරමින් කටයුතු කළ යුතුයි. දින 14ක් දින 21ක් අතර කාලයක් ලොක්ඩවුන් කිරීමක් කරලා මේක පාලනය කළේ නැත්නම් භයානක තත්ත්වයක් ඇති වෙයි,” යනුවෙන්ද කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)