Sunday, September 22, 2024

කිලිනොච්චි පොලිසියට එරෙහිව විරෝධතා ..

Must read

කිලිනොච්චිය , පරන්තන් මංසන්ධිය අසලදී වෙළඳසැල් සේවකයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඝාතනයවූ පුද්ගලයාගේ දේහයද රැගෙන කිලිනොච්චිය , ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ නවය මාර්ගය අවහිරකරමින් අද(04) විරෝධතාවක නිරත වූහ.
පැයකට අධික කාලයක් විරෝධතාකරුවන් යාපනය නුවර එ නවය මාර්ගය පරන්තන් මංසන්ධිය අසලින් අවහිරකොට දේහය සමඟ මාර්ගයේ හිඳගනිමින් විරෝධතාව දැක්වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවිය.
මෙම සිද්ධීන් හේතුවෙන් පරන්තන් මංසන්ධිය අසල අනාරක්ෂිත තත්වයක් උද්ගතව ඇති බවට දීර්ඝ කාලයක සිට පොලිසිය දැණුවත් කළද මේ වනතෙක් පියවරක් නොගැනීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවූ බවට විරෝධතාකරුවන් චෝදනා කළේය.


ඝාතනය සිදුවී දින හතරක් ගතවී ඇති බවත් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවටගැනීමට නොහැකිවීමෙන් තවමත් ඔවුන් නිදැල්ලේ සිටින බවද විරෝධතාකරුවන් පැවසීය.
විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී. මැදවල මහතා විරෝධතාකරුවන් අමතා පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර පරන්තන් මංසන්ධිය අසල ප්‍රදේශයට කඩිනමින් පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට පියවරගන්නා බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොරොන්දුවීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණි.

කිලි සිවා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)