Sunday, September 22, 2024

කාන්තාවන් වසංගතයෙන් පීඩා විඳින හැටි: රනිල්ගෙන් කාන්තාවන්ට පාඩම්

Must read

කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් තොරව ශ්‍රී ලංකාවේ  ආර්ථිකය ගොඩ ගත නොහැකි බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍යවරයා,

වසංගතයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන්ගේ ආර්ථිකයට බව ප්‍රකාශ කර තිබේ.

“ආර්ථිකය හැම එක්කෙනාටම බලපානවා. ඒත් දැන් එන වාර්තා හැටියට වැඩියෙන්ම බලපාන්නේ කාන්තාවන්ට. රැකියා නැති වෙන්නේ කාන්තාවන්ට. බලන්න අපේ ප්‍රධානම මාර්ගයක් ඒ තමයි ඇගලුම් කර්මාන්තය. අද ඇගලුම් කර්මාන්ත වැහිලා. සමහර කර්මාන්තශාලා වහලා ආපහු විවෘත කරන්නේ නෑ. කාන්තාවන්ට තමයි රැකියා නැති වෙන්නේ. මැදපෙරදිග කාන්තාවන්ට ආපසු රැකියා නැති වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන අංශ දෙකක්. විශේෂයෙන්ම කාන්තාවන්ට තමයි වැඩියෙන්ම බලපාන්නේ. “

ඇතැම් කර්මාන්තශාලා වල ස්ථිර නොවු  සේවකයන් ඉවත් කිරීමේදී ද එහි පෙරමුණේම සිටින්නේ කාන්තාවන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ජුලි 21 අගහරුවාදා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති “ලක් වනිතා” හමුව අමතමිනි.

රැකියා ලක්ෂ දහයක් පමණ අහිමි වීමේ අනතුරක් !

කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු කාන්තාවන්ගේ ප්‍රශ්න සදහා විසදුම් සොයා ගත හැකි බව පවසන හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී තව දුරටත් අවධාරණය කළේ, වසංගතය හමුවේ රැකියා ලක්ෂ දහයක් පමණ අහිමි වීමේ අනතුරක් පවතින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසරේ  සංඛ්‍යාලේඛන ඇසුරින් ‘වෙරිටේ පර්යේෂණ ආයතනය’ පසුගියදා හෙළිදරව් කර තිබුනේ, ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය  “රට විරුවන් ලෙසින් ” විරුදාවලි ලත්  විදේශ සේවා නියුක්තිකයන් බවයි.

Foreign Employment

එම වසරේ විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට උපයා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් කෝටි හැට හතකි.  ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ විසි පන්දහසකට ආසන්න මුදලක් වන එය රටට ගලා ආ විදේශගත ධනයෙන් අඩකටත් වැඩිය.

 එම වාර්තාවේ දැක්වෙන පරිදි විදේශගතව රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට හැත්තෑ පහකට වඩා සේවය කරන්නේ මැදපෙරදිග රටවලයි. එයින්ද බහුතරය කාන්තාවන්ය.

ලොව පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්  වසංගත අවදානමට මෙන්ම රැකියා අවදානමටත්  මුහුණ දී සිටින අතර කිහිප දෙනකු මේ වන විට විදේශ තුළම  මියගොස් ඇති අයුරු මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබුනි.

”විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්  වසංගත අවදානමට මෙන්ම රැකියා අවදානමටත්  මුහුණ දී සිටින අතර කිහිප දෙනකු මේ වන විට විදේශ තුළම මියගොස් ඇති අයුරු මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබුනි.

කාන්තාවන් ප්‍රධාන කරගත් පවුල් නගා සිටුවීම සදහා ආධාර ලබා දීමේ අවශ්‍යවයත් එහිදී පෙන්වා දුන් එජාප නායකයා “ලක් වනිතා” සභාව අමතමින් වැඩි දුරටත්  සදහන් කළේ කාන්තාවන් යළිත් රැකියා වෙළදපොලට ඇතුල් කිරීමේ ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බවයි.

 කොරෝනා වසංගත සමය තුළ කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවු  බවත්, ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් අගමැති ධුරය හෙබවු එජාප නායක රනිල් වික්‍රමසිංහ එහිදී සදහන් කළේය.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)