ලොරි රථයක බැටිරිය අක්රියවිම නිසා බැටිරි ඇසිඩ් මාරුකිරිමට පැමිණි තිදෙනකු සමග මත්පැන් පානය කරමින් සිටි ගරාජ් බාස්වරයකු වූ දෙදරු පියකු අත් වැරදිමකින් බැටරි ඇසිඩි පෙවිම මියගොස් ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ
මිය ගොස් ඇත්තේ ගාල්ල බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු වන ගරාජ්බාස්වරයෙකි.
ලොරි රථයේ බැට්රි ඇසිඩ් මාරුකිරිම සදහා ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු සමග මෙම ගරාජයට පැමිණ ඇත. මොවුන් නිතිවිරෝධි මත්පැන් බෝතලයක් හා ඇසිඩ් බොතල් 02ක් රැගෙනවිත් ඇත. බැටිරිය චාජ්කිරිමේ උපකරණයට සවිකොට තිබියදි මොවුන් තිදෙනා ගරාජ්බාස්වරයා සමග මත්පැන් පානය කොට ඇත. නිතිවිරෝධි මත්පැන් හා බැටිරි ඇසිඩ් සෝඩා බෝතල්වල දමා රැගෙනවිත් ඇත. වැරදිමකින් මත්පැන් වෙනුවට බැටිරි ඇසිඩි පෙවි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි.
මේ අතර පවතින සංචරණ සිමා හේතුවෙන් මත්පැන් අලෙවි සැල් වසා දමා තිබිම නිසා ජනතාව අතර නීති විරෝධි මත්පැන් භාවිතය ඉහල යමින් තිබේ. එමෙන්ම නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය පවා මේ වන විට ඉහල ගොස් ඇත