Sunday, September 22, 2024

කවුඩුල්ල වැවේමසුන් අල්ලන්න ගිය දෙදෙනකු වන අලියාගෙන් බේරෙන්න වැවට පැනලා…

Must read

කවුඩුල්ල වැවට මසුන් ඇල්ලීමට ගිය මිතුරන් දෙදෙනකුට වන අලියකු පහර දීමට පැමිණීම හේතුවෙන් දිවි බේරා ගැනීමට වැවට පැන එක් අයකු දියේ ගිලී පෙරේදා (17) පස්වරුවේ මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා දිවි බේරාගෙන ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, කවුඩුල්ල, 31 කොලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි ගොඩයලාගේ සුගත් අබේකොන් නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.

පොලිසිය කළ විමර්ශන අනුව මියගිය තැනැත්තාගේ මිතුරකු සමඟ පෙරේදා (17) පෙරවරුවේ නිවෙසින් පැමිණ ඇත්තේ කවුඩුල්ල වැවට මසුන් ඇල්ලීමට පැමිණෙන බව පවසමිනි. පසුව දෙදෙනා එක්ව කවුඩුල්ල වැවේ වගවළාන නමින් හදුන්වන ස්ථානයේ මසුන් අල්ලමින් සිට තිබේ. ඒ අවස්ථාවේ පසු පසින් වන අලියකු පහරදිමට පැමිණ ඇති අතර මොවුන් දෙදෙනාට දිව යෑමට දිසාවක් නොමැති නිසා වැවට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කර තිබේ.

ඒ අවසුථාවේ එක් තැනැත්තෙක් වැවෙන් ගොඩ වී පසු පසින් පැමිණි පුද්ගලයා පෙන්නට නොසිටි නිසා කෑ ගසා කතා කර තිබේ. ධීවරයින් එම ස්ථානයට ගොස් දියේ ගිලී සිටි පුද්ගලයාගේ මළ සිරුර ගොඩට ගෙන තිබේ.

මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පොලොන්නරුව මහ රෝහලේ සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ සම්බන්ධයෙන් කවුඩුල්ල ජාතික උද්‍යානයේ පාලක ප්‍රදිප් කුමාර හෙට්ටි ආරච්චි මහතා මෙසේ පැවැසීය.
”මසුන් ඇල්ලීම සිදු කළ යුත්තේ වන සතුන් නොඑන වේල්ල ප්‍රදේශවලයි. එහෙත් මේ අය විසින් කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිසිදු පුද්ගලයකුට ඇතුළුවීම සපුරා තහනම් කර ඇති ස්ථානයකට ගොස් තමයි මේ අනතුර සිදුව තිබෙන්නේ.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)