Sunday, September 22, 2024

ආණ්ඩු ෆේල් නිසා මැතිවරණත් කල් දමයි ?

Must read

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කර තිබේ.

රජය පළාත් පාලන මැතිවණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇත්තේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව ද පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා තිබුණි.

මැතිවරණය කල්දැමීමට හේතුව කොවිඩ් වසංගතය නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර රටපුරාම අන්ත ලෙසින් පිරිහිමට ලක්ව ඇති මේ රජයේ ජනප්‍රිය භාවය නිසා මැතිවරණ කල්දැමිම සිදුකරන ලද ඉතා පැහැදිලි බව ආණ්ඩුවට ඡන්දය දුන් බහුතරයක් ජනයාගේද මතය වි තිබේ.ඉහල යන බඩු මිළ පෝර හිගය ඇතුළු කරුණු ගණනාවක් මත රජයට එරෙහිව විරෝධතා රැල්ලක් ඉදිරියේද පාරට එන බව ඉතා පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)