Sunday, September 22, 2024

ආණ්ඩුවට එරෙහිව උතුරේ වීදියේත්, මුහුදේත් විරෝධතා දින දෙකක්

Must read

messenger sharing button

උතුරේ පිඩිත ජනයාගේ ගැටළුවලට මැදිහත් නොවන බවට චෝදනා එල්ලවීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කිරීමට සැලසුම් කර තිබේ.   පොහොර සහනාධාර ලබා නොදීම හා රසායනික පොහොර තහනම නිසාවෙන් පිඩාවට පත්ව ඇති ගොවි ජනයාත්, අනවසර ඉන්දීය ධීවරයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමටත් එරෙහිව ධිවර ප්‍රජාවත්, එළඹෙන 17 වැනිදා සහ 18 වැනිදා දෙදින උතුරු පළාතේ උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

  “ගොවින් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ඉල්ලා යාපන දිස්ත්‍රිකයේ ඇති ගොවිජන මධ්‍යස්ථාන 28 ඉදිරිපිට සෞඛ්‍ය උපදෙස් අනුව 17 වැනිදා පැවැත්වෙනවා. ධීවර ගැටළු මුල් කරගත් විරෝධතාව පැවැත්වෙන්නේ මුලතිව් මුහුදේ සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු පෙළපාලියකින් පැමිණීමෙන්,” යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇම්.ඒ සුමන්තිරන් 13 වැනිදා යාපනේ පැවැත්වූ පුවත්පත් සාකච්ජාවදී පැවසීය.   දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අනවසර ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම වැලැක්වීමට නීති සම්පාදනය කර තිබුන ද ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බවය.

  “ධීවර ඇමැති දෙමළ ජාතිකයෙක් වුනත්, දෙමළ ධීවරයන්ට වෙන මේ අසාධාරණය ගැන නීතිය ක්‍රියාත්මක නොකරන නිසා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ඇවිත්, උතුරේ ධිවර ජනයාට හානි කරලා, ඔවුන්ගේ මුහුදු සම්පත් අරගෙන යන තත්වයක් තියෙන්නේ, ඒ නිසා තමයි ධීවරයෝ මුලතිව් ඉඳන් පේදුරු තුඩුව වෙනකම් බෝට්ටු පෙළපාලියේ ඇවිත් ධීවර ඇමතිට එරෙහිව උද්ඝෝෂණය කරන්න සුදානම් වෙන්නේ,” යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

     තම තමන්ගේ ප්‍රදේශවල ගොවි-ධිවර උද්ඝෝෂණ පැවැත්වීමටද දකුණේ අනෙකුත් විරුද්ධ පක්‍ෂ නායකයන් සමඟ දෙමළ ජාතික සන්ධානය පැවති සාකච්ජාවලදී එකඟතාවකට එළඹී බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.  

  මේ අතර මුලතිව් කල්ලප්පාඩු මුහුදේ මසුන් මරමින් සිටි ධීවරයන් සිව් දෙනකුගේ ලංකා රුපියල් ලක්‍ෂ දෙකකට වඩා වටිනා දැල් ආම්පන්න ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් බෝට්ටු මගින් විනාශ කළ බවට 11වැනිදා ධීවර සංගම්වලට පැමිණිලි ලැබී තිබිණි.  
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)