Sunday, September 22, 2024

අවුරුදු 12 ක් සිරදඩුවම් ලද සිරකරු සිරමැදිරිය තුල වස පානය කරයි.

Must read

මාතර මහේසත්‍රාත් අධිකරණයේ සිර මැදිරිය තුලදි පුද්ගලයෙකු ඊයේ (14) පස්වරුවේ වස පානය කිරිම හේතුවෙන් මාතර මහා රෝහලට ඇතුලත් කල බව මාතර පොලීසිය සදහන් කරයි.

මේලෙස වස පානය කොට ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක් වන පුද්ගලයෙකු වන අතර ඔහුට විරුද්ධව මාතර පොලිසිය විසින් ගෙවල් බිදුම් ඇතුලු සොරකම් කිහිපියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුවේ නඩු තීන්දුව ලෙස අවුරුදු 12 ක සිරදඩුවම් ඊයේ දින නියම කොට ඇත.

ඒ අනුව බන්ධනාගාරයට රැගෙන යන තෙක් මෙම පුද්ගලයා අධිකරණයේ පිහිටුවා ඇති සිරමැදිරිය තුල රදවා තබා ඇති අතර ඒහිදි මෙම පුද්ගලයා වස පානය කොට ඇති බව පොලිසිය සදහන් කරයි.වස පානය කිරිමෙන් අනතුරුව පොලිස් නිලධාරින් එක්ව මෙම පුද්ගලයා වහාම මාතර මහා රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර මේ වන විට ඔහු මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
(උපුටා ගැනිම – news9 ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)